තායිලන්ත හිටපු අගමැතිනිය 'නිදහස්'

ඡායාරූප මූලාශ්‍රය, Reuters
දින දෙකක් හමුදා භාරයේ සිටි රඳවා සිටි තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ලක් සිනවත් රැඳවුම් භාරයෙන් නිදහස් කර ඇති බව වාර්තාවේ.
රටින් පිට වීම සඳහා හිටපු අගමැතිනිය හමුදා පාලනයෙන් අවසර ලබා ගත යුතු අතර දේශපාලන කටයුතු වල නිරත නොවන මෙන් නියෝග කර ඇති බවයි, තායිලන්ත හමුදා පාලන මණ්ඩලයේ ආරංචි මාර්ග බීබීසී යට ප්‍රකාශ කළේ.
තායිලන්ත හමුදාව රටේ පාලන බලය අත්පත් කර ගැනීමත් සමග අනෙකුත් ඉහළ පෙළේ දේශපාලනඥයන් ඇතුළු ශාස්ත්‍රඥයන් සහ හමුදා කුමන්ත්‍රණය විවේචනය කළ පුද්ගලයන් රැඳවුම් භාරයට ගනු ලැබිණ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මේ අතර හමුදා පාලනයට විරෝධය පළ කරන කුඩා කණ්ඩායම් තෙවන දිනයෙත් බැංකොක් අගනුවර උද්ඝෝෂණයේ යෙදී සිටිති.
උද්ඝෝෂණ හේතුවෙන් පහරදීම් හා අත් අඩංගුවට ගැනීම් වාර්තා වූ නමුත් ආරක්ෂක අංශ සමග දරුණු මට්ටමේ ගැටුම් ඇති වී නොමැති බවයි, බීබීසී වාර්තාකරු පවසන්නේ.




