තායි හිටපු අගමැතිනියට හමුදාවෙන් කැඳවීමක්

තවත් දේශපාලනඥයන් සියයකට අධික පිරිසක් හමුදා බලධාරීන් වෙත

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, තවත් දේශපාලනඥයන් සියයකට අධික පිරිසක් හමුදා බලධාරීන් වෙත

තායිලන්තයේ හිටපු අගමැතිනිය යින්ලුක් සිනවත් එරට හමුදා බලධාරීන් විසින් කැඳවනු ලැබ තිබේ.

තායිලන්ත හමුදාව රටේ පාලනය සියතට ගෙන දිනකට පසුවයි හිටපු අගමැතිනිය කැඳවා ඇත්තේ.

තායිලන්ත හමුදාව රටේ පාලනය සියතට ගෙන දිනකට පසු

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, තායිලන්ත හමුදාව රටේ පාලනය සියතට ගෙන දිනකට පසු

අනතුරුව ඇය හමුදාවට අයත් වෙනත් ස්ථානයකට ගොස් ඇති අතර හිටපු අගමැතිනිය හමුදා රැඳවුම් භාරයට ගෙන තිබේද යන්න තවමත් පැහැදිලි නැත.

මේ අතර තුර තවත් දේශපාලනඥයන් සියයකට අධික පිරිසක් හමුදා බලධාරීන් වෙත කැඳවා තිබේ.

ක්‍රියාධරයන් සහ දේශපාලනඥයන් එකසිය පනහකට අධික පිරිසකට රටින් පිටවීම තහනම් කර ඇත.

රටේ පාලනය හමුදාව අතට පත් කර ගත් හමුදා නායකයා තායිලන්තයේ නව අගමැතිවරයා ලෙස වගකීම් භාරගෙන තිබේ.