තායිලන්තයේ පාලනය හමුදාව අතට

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
තායිලන්තයේ පාලනය හමුදාවට පවරා ගත් බව තායිලන්ත හමුදාපතිවරයා නිවේදනය කරයි.
රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් තායිලන්ත හමුදාපතිවරයා කියා සිටියේ රටේ නීතිය ස්ථාපනය කර දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට පියවර ගන්නා බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AP
තායිලන්ත දේශපාලනඥයන් රැස්වී සාකච්ඡා පවත්වන ස්ථානය හමුදා භටයන් වටලා ඇති බවයි අලුත්ම වාර්තා සඳහන් කරන්නේ.
තායිලන්ත හමුදාපතිවරයා විසින් රට පුරා හමුදා නීතිය (martial law) පනවනු ලැබුවේ පසුගිය අඟහරුවාදා යි.
බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේ චෝදනා මත තායිලන්ත අධිකරණය විසින් මේ මස මුලදී තායිලන්ත අගමැතිවරිය තනතුරින් ඉවත් කරනු ලැබිණි.
























