තායි ආණ්ඩුවේ ආධාර කරුවෝ වීදියේ

ඡායාරූප මූලාශ්‍රය, AP
තායිලන්තයේ භාරකාර අගමැතිනි යින්ලුක් සිනවත් වෙනුවෙන් සහයෝගය පළ කරන දහස් සංඛ්‍යාත ජනකායක් බැංකොක් අගනුවර සීමාවේ එක් රැස්ව සිටින බව වාර්තා වෙයි.
ජනතාව එසේ රැස් වී සිටින්නේ දින දෙකක රැළියක් සඳහා වන බවයි, බැංකොක් නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.
එම දෙ දින මහජන රැලිය කැඳවනු ලැබුණේ අගමැතිනි යින්ලුක් සිනවත් නායකත්වය දෙන ආණ්ඩුව බිඳ හෙලීමේ අරමුණින් ඊට එරෙහිව නෛතික අභියෝග මාලාවක් එල්ල වෙමින් තිබිය දී.
අගමැතිවරියගේ ආධාර කරුවන්ගේ අරමුණ ආණ්ඩුවට ඇති මහජන සහයෝගය ප්‍රදර්ශනය කිරීමයි.
බලතල කප්පාදුව

ඡායාරූප මූලාශ්‍රය, PA
පසුගිය පෙබරවාරි මාසයේ පැවැත්වුන මහ මැතිවරණය අවලංගු කරමින් තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මාර්තු මාසයේ තීදුවක් දුන් අතර අගමැතිවරියගේ බලතල එමගින් සීමා කරනු ලැබුණි.
තායිලන්තයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ගේ ඉලක්කය අගමැතිනි යින්ලුක් සිනවත් නායකත්වය දෙන ආණ්ඩුව පෙරලා දැමීමයි.
අගමැතිවරියට එරෙහි බලවේගය පෙරට ආවේ ඇය හිටපු අගමැති තක්සින් සිනවත්ගේ රූකඩයක් යයි චෝදනා කරමින්.
රටින් පළා ගොස් වෙසෙන ධන කුවේරයකු වන තක්සින් සිනවත්, අගමැතිනි යින්ග්ලුක් සිනවත්ගේ සහෝදරයෙකි.








