සවුදි අරාබියේ මරණ දඬුවම් ඉහලට

ඡායාරූප මූලාශ්‍රය, Getty
සව්දි අරාබියේ මේ මාසයේ මරණ දඬුවම් පැමිණවීමේ රැල්ලක් ඇතිවෙමින් පවතී.
පුද්ගලයෙකුගේ හිස ගසා දමා ඇත්තේ යන්ත්‍ර මන්ත්‍ර සහ හදි හූනියම් කිරීමේ වරදටයි.
අගෝස්තු මස හතර වැනිදා සිට මේ දක්වා සව්දි අරාබියේ පුද්ගලයන් දහ නම දෙනෙකු මරණ දඬුවමට ලක් කොට ඇති බවයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ.
මරණ දඬුවමට ලක් වුවන් අතරින් අට දෙනෙකු වරදකරුවන් බවට පත් වී ඇත්තේ ප්‍රචණ්ඩකාරී හේතු මත නොව මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත බවයි මානව හිමිකම් ආරක්ෂා කිරීමේ සංවිධාන ප්‍රකාශ කළේ.
තවත් හතර දෙනෙකු සව්දි අරාබිය තුලට මත්ද්‍රව්‍ය ගෙන ඒමට උත්සාහ දැරීමේ චෝදනා වලට වරද කරුවන් කොට මරණ දඬුවම් පනවා තිබේ.






