කළු ජාතිකයාගේ මරණයෙන් කැලඹුණු මිසූරි ප්‍රාන්තය

ඡායාරූප මූලාශ්‍රය, Getty

ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමේ බලාපොරොත්තුවෙන් උද්ඝෝෂකයන් අතරට අපරාධකරුවන් පැමිණෙන බව මිසූරි ප්‍රාන්තයේ ෆර්ගියුසන්හි මෙහෙයුම් භාර ප්‍රධාන පොලිස් නිලධාරියා පවසයි.

ගත වූ රාත්‍රියේ අත්අඩංගුවට පත් වූ පිරිස් අතර නිව් යෝර්ක් සහ කැලිෆෝනියාව වැනි දුර බැහැර නගර වල සිට පැමිණි පුද්ගලයන්ද සිටින බවයි මෙහෙයුම් ප්‍රධානී රොන් ජොන්සන් පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

උද්ඝෝෂකයන් වෙතින් වෙඩි ප්‍රහාර හා ගල් මුල් ප්‍රහාර එල්ල වූ නමුත් ඊට එරෙහිව තම නිලධාරීන් ගිනි අවි භාවිතා නොකළ බව මෙහෙයුම් ප්‍රධානී රොන් ජොන්සන් කියා සිටියි.

කළු ජාතිකයා

පොලිස් භටයෝ කඳුළු ගෑස් සහ දුම් බෝම්බ යොදා ගනිමින් උද්ඝෝෂණ කරුවන් විසුරුවා හැරියහ.

පොලිස් වෙඩි පහරින් ආයුධ රහිතව සිටි මයිකල් බ්‍රව්න් නමැති කළු ජාතික යොවුන් තරුණයා ඝාතනය වීමත් සමග ඊට විරෝධය පාමින් මිසූරි ප්‍රාන්තයේ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් ඇති විය.