බැංගලෝර් පාසැලේ සභාපතිත් අත්අඩංගුවට

ඡායාරූප මූලාශ්‍රය, AP
සිසුන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීමේ චෝදනාවට ඉන්දියාවේ බැංගලෝර් හි ඉහළ පෙලේ පෞද්ගලික පාසලක සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීමට හේතුවී ඇත්තේ ජූලි මස මුලදී එම පාසැලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු විසින් සය හැවිරිදි ශිෂ්‍යාවක් දූෂණය කරනු ලැබ ඇති බවට නැගුණු චෝදනාවයි.
පසුගිය සතියේ මෙම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන එම පාසැලේ ගුරුවරයකු ද අත්අඩංගුවට ගනු ලැබිණි.
පොලීසිය සහ පාසැල් බලධරයන් මෙම චෝදනාව සම්බන්ධව කටයුතු කළ ආකාරය පිළිබඳව කෝපයට පත් දෙමව්පියන් විසින් දින ගණනාවක් පුරා උද්ඝෝෂණය කරනු ලැබීමෙන් පසුවයි මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවී ඇත්තේ.
මෙය කලක පටන් ඉන්දියාව පුරා මහත් කැළඹීමක් ඇතිකරමින් පවතින අමානුෂික ස්ත්‍රී දුෂණ මාලාවේ නවතම සිදුවීමයි.




