'ඇමරිකානු හමුදා ඉරාකයෙන් ඉවත් වීම වැරදියි'

ඡායාරූප මූලාශ්‍රය, AFP
එක්සත් ජනපද හමුදා ඉරාක භූමියෙන් ඉතා ඉක්මනින් ඉවත් වීම ඇමරිකාව අතින් සිදු වූ විශාල වැරැද්දක් බව ඇමරිකානු ආක්‍රමණයෙන් පසු එවකට ඉරාක පරිපාලනය භාරව කටයුතු කළ පොල් බ්රෙමර් අවධාරණය කර සිටියි.
පසු ගිය සති කිහිපය ඇතුළත ඉරාකය තුළ ඇති වී තිබෙන තත්වය දෙස බැලූ විට එම කාරණය තහවුරු වන බවයි පොල් බ්රෙමර් වැඩි දුරටත් පැවසුවේ.
දෙදහස් තුන වසරේ ජනපති බුෂ් ගේ නායකත්වයෙන් ඇමරිකාව විසින් ඉරාකය යටත් කර ගැනුණ අතර දෙදහස් එකොළහ වසරේ දී ඇමරිකානු හමුදා ඉරාකයෙන් ඉවත් වුහ.
මේ අතර ඉරාකයේ ටල් අෆාර් නගරය සුන්නි කැරලිකරුවන් අතට පත් වී තිබේ.
නගර වැසියෙක් පැවසුවේ අධික ගැටුම් වලින් අනතුරුව, ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩ නැගීමේ අරමුණින් සටන් වදින 'අයි එස් අයි එස්' සංවිධානය විසින් මෙහෙය වූ අවි ගත් කණ්ඩායම් නගරය අත්පත් කර ගත් බවයි.
කෙසේ වෙතත් ටල් අෆාර් හි පාලනය රඳවා ගැනීමට මේ මොහොත වන විටත් ඉරාක හමුදා සටන් කරමින් සිටින බවයි ඉරාක ආණ්ඩුව පවසන්නේ.
ටල් අෆාර් නගරයේ ජීවත් වන සමහරක් ශියා මුස්ලිම්වරු කැරලිකරුවන්ගේ ඉලක්කයට පත් වෙතැයි බියෙන් නගරය අත හැර ගොස් තිබේ.




