පකිස්තානයේ GEO රූපවාහිනියට තහංචි

ඡායාරූප මූලාශ්‍රය, AFP
පකිස්තාන් මාධ්‍ය පාලක මණ්ඩලය එරට මුල් පෙළේ මාධ්‍ය ආයතනයක් වන ‘GEO ’ රූපවාහිනිය දින පහළොවකට තහනම් කොට තිබේ.
‘GEO ’ ආයතනයේ ජනමාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධියකට පාකිස්තාන් බුද්ධි අංශය සම්බන්ධ බවට චෝදනා කරමින් ප්‍රචාරය කල වාර්තාවක් සම්බන්ධයෙන් පාකිස්තාන් ආරක්ෂක අමාත්‍යංශය විසින් කරන ලද පැමිණිල්ලක් ඉහත කී තහනමට හේතු වී ඇත.
පකිස්තාන් මාධ්‍ය පාලක මණ්ඩලයේ තීරණය ඒක පාර්ශවීය වූ වක් බවත් තමන් ප්‍රචාරය කළ වාර්තාව සම්බන්ධයෙන් දැනටමත් සමාව ඉල්ලා ඇති බවත් ‘GEO’ සේවය පවසයි.
පසුගිය අප්‍රේල් මස ‘GEO’ මාධ්‍යවේදියා පහර දීමට ලක් වූ අවස්ථාවේ මතභේදයට මුල් වූ වාර්තාව විකාශය වීමත් සමගම ප්‍රශ්න මතු විය.




