පාකිස්තාන් මාධ්‍යවේදීන්ගේ ඉරණම

ඡායාරූප මූලාශ්‍රය, AFP
පකිස්තානයේ ජනමාධ්‍යවේදීන් රහස් ඔත්තු අංශ, ඉස්ලාමීය සංවිධාන සහ දේශපාලන පක්ෂ වල ඇසට ගොදුරු වී ඇතැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පෙන්වා දෙයි.
ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය නවතම වාර්තාවක් මගින් කියා සිටින්නේ, පසුගිය වසර හය ඇතුළත පාකිස්තාන් මාධ්‍යවේදීන් තිස් හතර දෙනකුවත් මරා දමනු ලැබ ඇති බවයි.
එම ඝාතන වලට ඍජු හේතුව ඔවුන් වාර්තාකරණයේ නිරත වීම බවත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය කියා සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එරට තවත් මාධ්‍යවේදීන් පැහැරගෙන යාම් සහ වධ හිංසාවන්ට ලක් කරනු ලැබීමේ අන්තරායකට මුහුණ දී සිටින බවත් ඇම්නෙස්ටිය පවසයි.
එවැනි අපරාධ වලට වගකිව යුත්තන් සොයා ගැනීමට පාකිස්තාන් බලධාරීන් බෙහෙවින් අසමත් වී ඇත යන්න ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ අදහසයි.
මුල් පෙළේ පාකිස්තාන් මාධ්‍යවේදියකු වන හමීඩ් මීර්, මෙයින් සති දෙකකට පෙර ඝාතන ප්‍රයත්නයකට ගොදුරු වූ අතර, පාකිස්තාන් රහස් ඔත්තු අංශය (ISI) ඊට හවුල් වී ඇති බවට චෝදනා එල්ල විය.
එහෙත් ISI ඔත්තු අංශය එම චෝදනා ප්‍රතික්‍ෂේප කරයි.
ජනමාධ්‍යවේදීන්ට බෙහෙවින් අන්තරාදායක රටවලින් එකක් හැටියටයි, පාකිස්තානය සැලකෙන්නේ.








