පාකිස්තානු සංචාරකයන්ට පෝලියෝ සහතිකය 'අනිවාර්යයි'

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පාකිස්තානයේ සිට වෙනත් විදේශ රට වල සංචාරයේ යෙදෙන පුද්ගලයන් පෝලියෝ එන්නත ලබා ගත් බවට සහතිකයක් රැගෙන ආ යුතු බවට පනවන ලද නියෝගයක් ජුනි මස පළමු වෙනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෑතක සිට පාකිස්තානය තුල පෝලියෝ රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කිරීමයි මීට හේතුව වී තිබෙන්නේ.
පෝලියෝ එන්නත් සහතිකයක් අවශ්‍ය බවට මෙම නියෝගය පනවා තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයක් අනුවයි.
එම නිර්දේශය අනුව මේ වන විටත් පෝලියෝ සහතික මිලියන ගණනක් සපයමින් සිටින බව පාකිස්තානු බලධාරීහු පවසති.
පාකිස්තානයේ මේ වසර තුලදී පමණක් පෝලියෝ රෝගීන් හැට හත් දෙනෙකු වාර්තා වී තිබේ. පසුගිය වසරේ වාර්තා වී ඇති පෝලියෝ රෝගීන් ගණන අටක්.
තාලිබාන් පාලනය පවතින ප්‍රදේශයන්හි පාකිස්තානු ආණ්ඩුව විසින් සිදුකරනු ලබන පෝලියෝ එන්නත් වැඩසටහන් කැරලිකරුවන් විසින් කඩාකප්පල් කෙරුණු අතර පසුගිය වසර දෙක ඇතුළත දී වැඩසටහන් මෙහෙයවනු ලැබූ සෞඛ්‍ය නිලධාරීන් හැට දෙනෙකුට වඩා වැඩි පිරිසක් ඝාතනය කෙරුණු ලැබිණි.
පෝලියෝ එන්නත් වැඩසටහන් යොදා ගනිමින් මුස්ලිම් ජාතිකයන් වඳ භාවයට පත් කිරීම සඳහා බටහිර රටවල් කුමන්ත්‍රණය කරන බවට තාලිබාන් කැරලිකරුවෝ සැක පහල කරති.




