පකිස්ථාන පොලීසියේ හයක් බෝම්බයෙන් මරුට

pakistan_polio

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, තාලිබාන් සටන් කාමීන්ගේ විශ්වාසය පෝලියෝ එන්නත මගින් පිරිමි ළමුන් වඳ භාවයට පත්විය හැකි බවයි

වයඹ දිග පකිස්ථානයේ සේවයේ යෙදී සිටින පෝලියෝ සෞඛ්‍ය සේවකයන් ගේ ආරක්ෂකයන් වෙත එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් හත් දෙනකු මරා දමා ඇති බව පකිස්ථාන පොලීසිය පවසයි.

වෙළඳ නගරයක් වන චාර්සදා හිදී සිදුවූ මෙම පිපිරීමෙන් පොලිස් නිලධාරීන් සය දෙනකු සහ කුඩා දරුවකු මිය ගොස් තවත් නව දෙනකුට තුවාල සිදුවී ඇත.

පෝලියෝ සෞඛ්‍ය සේවකයන් තිදෙනකු ඝාතනයට ලක්වීම හේතුවෙන් දකුනු පකිස්ථානයේ කරච්චි නගරයේ පෝලියෝ විරෝධී වැඩමුලුව නවතා දැමීමෙන් දවසකට පසුවයි මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ.

පෝලියෝ එන්නත යනු වෙනත් නමකින් පෙනී සිටින ජාත්‍යන්තර රහස් ඔත්තු සේවාවක් සේ පෙනෙන බැවින් පෝලියෝ සෞඛ්‍ය සේවකයන් මරා දැමූ බව මීට ඉහත දී තාලිබාන් සටන්කාමීන් විසින් පිළිගෙන තිබුණි.

එසේම, ඔවුන් පවසා තිබුණේ පෝලියෝ එන්නත මගින් පිරිමි ළමුන් වඳ භාවයට පත්විය හැකි බව ඔවුන් විශ්වාස කරන බවයි.