භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන්

ඡායාරූප මූලාශ්‍රය, AP
ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම අද උදෑසන ආරම්භ වූ අතර මේ වන විට ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනූව ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටියි.
දැනට ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්ෂයට තනි ආණ්ඩුවක් ඉන්දියාවේ පිහිටුවිය හැකි ලකුණු පෙනෙන්නට ඇති බවයි ඉන්දියාවෙන් ලැබෙන නවතම වාර්තාවල සඳහන් වන්නේ.
මේ වන විට ආසන 460ක ප්‍රතිඵල නිකුත් වී ඇති අතර එයින් ආසන 231කම බලය හිමිව තිබෙන්නේ භාරතීය ජනතා පක්ෂයටයි.
කොංග්‍රස් පසු බසී
පාලක කොංග්‍රස් පක්ෂය මේ මොහොත වන විට දිනාගෙන ඇත්තේ ආසන 48 ක් පමණි.
ඉන්දීය ලෝක් සභාවට මන්ත්‍රිවරුන් 543 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මෙම මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵල අද සවස නිකුත් කරනු ලැබීමට නියමිතයි.
භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධූර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි ලද දැවැන්ත ජයග්‍රහණය සැමරීම සඳහා භාරතීය ජනතා පක්ෂ මූලස්ථානයේ කටයුතු සුදානම් වන බව එහි සිටින බිබිසි වාර්තාකරු පවසයි.




