‘බෙදුනොත් විනාශයක්’ -යුක්රේන් ජනාධිපති

ඡායාරූප මූලාශ්‍රය, Getty
නැගෙනහිර යුක්රේනයේ ජනමත විමසුම් සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන යුක්රේන් වැඩ බලන ජනාධිපති, අලෙක්සන්දර් තුර්නිචොෆ්, ‘කීව්’ පාලනයෙන් නිදහස් වීම සඳහා පැවැත්වීමට යන ජනමත විචාරනවලදී ඡන්දය දීම සම්බන්ධයෙන් නැගෙනහිර යුක්රේනයේ ජනතාවට අනතුරු ඇඟවීමක් කර ඇත.
වැඩ බලන ජනාධිපතිවරයා නැගෙනහිර යුක්රේනයේ පැවැත්වීමට යන ජනමත විචාරන විග්‍රහ කරන ලද්දේ ස්වයං-විනාශකාරී ක්‍රියාමාර්ගයක් හැටියටයි.
නැගෙනහිර යුක්රේනය බෙදී වෙන් වුනොත් එය නිමක් නොවන විනාශයකට මග හෙලි කිරීමක් වනු ඇතැයි කියා සිටි යුක්රේන් වැඩ බලන ජනාධිපති අලෙක්සන්දර් තුර්නිචොෆ්, එමගින් රටේ ආර්ථිකය සහ ජන ජීවිතය ද සමාජීය සියලු වැඩසටහන් ද අඩාල වනු ඇති බවයි කියා සිටියේ.
ජනමත විමසුම් වැරදියි

ඡායාරූප මූලාශ්‍රය, AFP
නියමිත පරිදි මේ මාසය අවසානයේ දී යුක්රේන් ජනාධිපතිවරණය පැවැත්වුනේ නැත්නම්, රුසියාවට එරෙහිව තවත් සම්බාධක පනවන මෙන් තමා යුරෝපා හවුලෙන් ඉල්ලා සිටින බව ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මේ අතර කියා සිටියාය.
ජර්මනියේ සංචාරයක නිරත වෙමින් සිටින ප්‍රංශ ජනාධිපති ෆ්රාන්ශුවා ඔලොන්ද් සමඟ නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක් මගින් චාන්සලර්වරිය කියා සිටින්නේ, ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් යුක්රේන් ජනාධිපතිවරණය අසාර්ථක කෙරුනොත් එරට තත්වය තවත් අස්ථාවර විය හැකි බවයි.
නැගෙනහිර යුක්රේනයේ සන්නද්ධ කණ්ඩායම් විසින් කැඳවනු ලැබ ඇති ජනමත විචාරන නීතියට පටහැණි බවත් ප්‍රංශ සහ ජර්මන් නායකයෝ කියා සිටිති.




