සටන්කාමීන් තිස් දෙනකු මරා දැමූ බව යුක්‍රේනය කියයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉකුත් සෙනසුරාදා පටන් ස්ලවියාන්ස්ක් නගරයේ පැවතී ගැටුම් පිළිබඳව තොරතුරු අනාවරණය කළ යුක්‍රේන අගමැති ආර්සන් අවකොෆ් (Arsen Avakov) රුසියාවට පක්ෂපාතී සටන්කාමීන් තිස් දෙනකුට වැඩි පිරිසක් මරා දැමූ බව ප්‍රකාශ කරයි.
කැරළි කරුවන්ගේ බලකොටුවක් වූ ස්ලවියාන්ස්ක් නගරයේ හටගත් මේ ගැටුම්වලට හොඳින් සන්නද්ධවූ අටසියයක් පමණ කැරලිකරුවන් එක්වූ අතර වෙඩි හුවමාරුවේදී යුක්‍රේන හමුදා භටයන් හතර දෙනකු ද මිය ගිය බවයි ඔහු පැවසුවේ.
මාර්ග බාධක
ස්ලවියාන්ස්ක් නගරයෙන් ලැබෙන තොරතුරු වලට අනුව නගරයේ සෑම මාර්ගයකම පාහේ මාර්ග බාධක ඉදි කොට තිබෙන අතර නගරවාසීහු ආහාර ද්‍රව්‍ය එක් රැස්කරමින් සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, bbc
මේ අතර, රුසියාවට පක්ෂපාතී ක්‍රියා කාරීන් විසින් අල්ලා ගෙන සිටින යුක්‍රේනයේ නැගෙනහිර පළාතේ ප්‍රදේශ යළි අත්පත් කර ගැනීමට රජයේ හමුදා උත්සාහ දරමින් සිටිති.
එම පලාතට නිදහස ලබා ගැනීම පිණිස ඉරිදා ජනමත විචාරණයක් පැවැත්වීමට රුසියාවට පක්ෂපාතී ක්‍රියා කාරීන් උත්සාහ දරන අතර ඊට පෙර එම ප්‍රදේශ තමන් යටතට පත්කර ගැනීමයි ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ




