'යුක්රේන හමුදාව මෙහෙයුමකට සුදානම්'

ඡායාරූප මූලාශ්‍රය, Reuters
යුක්රේනයේ නැගෙනහිර කලාපය තුළ පූර්ණ පරිමාණයේ ත්‍රස්ත විරෝධී සන්නද්ධ හමුදා මෙහෙයුමක් දියත් කරන බව යුක්රේනයේ වැඩබලන ජනාධිපතිවරයා නිවේදනය කරයි.
ක්‍රිමියාව රුසියාවට ඈඳා ගැනීම වැනි සිදු වීමක් යළි ඇති වීමට ඉඩ නොතබන බවද යුක්‍රේනයේ වැඩබලන ජනාධිපති ඇලෙක්සන්දර් තුර්චිනොෆ් තවදුරටත් කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ එම ප්‍රදේශයේ නගර කිහිපයක පිහිටි රජයේ ගොඩනැගිලි රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් අත් පත් කර ගනු ලැබීමෙන් අනතුරුවයි.
ස්ලවියාන්ස්ක් නගරයේ පොලිස් ස්ථානයක් රුසියානු හිතවාදී කැරලිකරුවන්ගේ පාලනයට ගැනීමෙන් අනතුරුව සිදු කළ ආරක්ෂක මෙහෙයුමක දී යුක්රේන ආරක්ෂක නිලධාරියෙකු මරණයට පත් වූ බවද යුක්රේන අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමතිවරයා මීට පෙර නිවේදනය කර තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙම මෙහෙයුමේ දී දෙපාර්ශවයේම කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා විය.
ස්ලවියාන්ස්ක් නගරයේ පොලිස් ස්ථානය අත් පත් කර ගැනීම මොස්කව් පරිපාලනය විසින් මෙහෙයවන ලද්දක් බවට සැකයක් නැති බවයි ස්වීඩනයේ විදේශ ඇමති කාල් බිල්ට් බීබීසීයට කියා සිටියේ.
මේ අතරතුර යුක්රේනය හමුදා බලය පාවිච්චි කළ හොත් සාම ප්‍රයත්නයට බාධා ඇතිවිය හැකි බව පවසමින් රුසියාව අනතුරු ඇඟවීමක් කළේය.
ස්ලවියාන්ස්ක් නගරයේ පොලිස් ස්ථානය තවමත් රුසියානු හිතවාදී සටන් කරුවන්ගේ පාලනයේ පවතින බවයි එහි සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.








