MH 370 සෝදිසි මෙහෙයුම් තවත් පුළුල් කෙරෙයි

'ඉල්යුෂින් අයි.එල්.76' චීන යානා දෙකක් සෝදිසි මෙහෙයුමට එක් කොට ඇත.

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඉල්යුෂින් අයි.එල්.76' චීන යානා දෙකක් සෝදිසි මෙහෙයුමට එක් කොට ඇත.

අතුරුදහන් මැලේසියානු ගුවන් යානය සොයා ,ඉන්දීය සාගරයේ දකුණු කලාපයේ ජාත්‍යන්තර මෙහෙයුම් පෙරට යමින් තිබියදී ,චීනය එම යානයේ විය හැකි සුන්බුන් දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප අධීක්ෂණය කරමින් ඇති බව නිවේදනය කොට ඇත.

ක්වාලාලම්පූර් නගරයේ මාධ්‍ය හමුවකදී එම තොරතුරු හෙළි කරණ ලද්දේ මැලේසියාවේ ප්‍රවාහන ඇමති හිස්මුදීන් හුසේන් විසින්.

මීටර් විසි හතරක් දිග ද්‍රව්‍යයක් එක් චන්ද්‍රිකා ඡායාරූපයක දැක්වෙන බවයි ,ඇමතිවරයා ප්‍රකාශ කළේ.

ඕස්ට්‍රේලියානු ගුවන් නියමුවෙක් සෝදිසියේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ඕස්ට්‍රේලියානු ගුවන් නියමුවෙක් සෝදිසියේ.

අද සෙනසුරාදා පැවති වලාකුළු සහ මී දුම සහිත කාලගුණ තත්වය සෝදිසි මෙහෙයුම් සඳහා එතරම් හොඳ නොවූ බවයි, ඕස්ට්‍රේලියානු ගුවන් නියමුවෙක් ප්‍රකාශ කළේ.තවමත් නොසන්සුන්ව සිටින

මේ අතර ඉදිරි සෝදිසි මෙහෙයුම් ගැන විස්තර කරමින් ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති වොරන් ට්රූස් කියා සිටියේ, සෝදිසි මෙහෙයුම සඳහා බොහෝ රටවලින් ගුවන් යානා සහ නෞකා එක් වෙමින් ඇති බවයි.

චන්ද්‍රිකා ඡායාරූප වලට හසු වූ සුංබුන් දැක්වෙන නිරිත දිග ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයෙන් ඔබ්බෙහි මුහුදු කලාපයෙහි කිලෝමීටර් දෙදාස් පන්සීයක පමණ ප්‍රදේශයක් මේ වන විට සෝදිසි කෙරෙමින් පවතින බව නිවේදනය කොට ඇත.

ඕස්ට්‍රේලියානු නිලධාරීන් පවසන්නේ, එම සාගර කලාපයේ තුන් වැනි දිනයටත් සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලින් MH 370 ගුවන් යානය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් නොලද බවයි.