පකිස්ථානයේ තාලිබාන්වරුන් සාකච්ඡා මේසයට

එකිනෙකා හමුවන්නේ රහසිගත ස්ථානයකදී

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, එකිනෙකා හමුවන්නේ රහසිගත ස්ථානයකදී

පකිස්ථානයේ තාලිබාන් කැරලිකරුවන් සහ රජයේ නියෝජිතයන් අතර සාකච්ඡා ආරම්භ කළ බව පකිස්තානු බලධාරීහු ප්‍රකාශ කරති.

මේ සාකච්ඡා සඳහා රජයේ නියෝජිතයන් හතර දෙනෙකු සහ තාලිබාන් නියෝජිතයන් තිදෙනෙකු එකිනෙකා හමුවන්නේ රහසිගත ස්ථානයකදී.

තලිබාන් කැරැල්ල සාමකාමී මාර්ගයකින් අවසන් කිරීමට තමාට අවශ්‍ය බව පකිස්තානු අගමැති නවාස් ශරීෆ් කියා තිබුණේය.

නමුත් සාකච්ඡා බිඳ වැටුන හොත් වඩා ශක්තිමත් හමුදා ක්‍රියා මාර්ගයකට යන බවට අගමැතිවරයා අනතුරු ඇඟවීමක් ද කර තිබුණි.