තායි විරෝධතාවාදීන්ට ප්‍රහාරයක්

තායිලන්ත ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂකයෝ ජාතික ගීය ගයමින්.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, තායිලන්ත ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂකයෝ ජාතික ගීය ගයමින්.

තායිලන්ත ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට එල්ල කෙරුණ ප්‍රහාරයකින් අඩු තරමින් විසිඅට දෙනකු වත් තුවාල ලබා සිටින බව බැංකොක් අගනුවරින් වාර්තා වෙයි.

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයේ නායක සුතප් තොන්සුබන් විසින් නායකත්වය දුන් විරෝධතා රැළියකට අසල ගොඩනැගිල්ලක සිට පුපුරන ද්‍රව්‍යයකින් දමා ගසා ඇති බවයි එම වාර්තා මගින් පැවසෙන්නේ.

එම ප්‍රහාරයේ දී තායිලන්ත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයේ නායකයාට හානියක් සිදු ව නැතත් රැළියට සහභාගී වෙමින් සිටි ජනතාවට සහ ආරක්ෂක භටයන්ට තුවාල සිදු වී ඇති බව බැංකොක් වාර්තාවන්හි දැක්වෙයි.

එම උද්ඝෝෂණ පෙරට ගෙන යමින් පවතින්නේ, තායිලන්ත අගමැතිනි යින්ලුක් සිනවත්ට පදවියෙන් ඉවත් වෙන මෙන් බල කරමින්.

අගමැතිවරිය සති දෙකක කාලයක් ඇතුළත මහ මැතිවරණයක් කැඳවනු ලැබ ඇතත් ඊට තරඟ වැදීම විපක්ෂය විසින් වර්ජනය කරනු ලැබ ඇත.