බෝම්බ කබායක් හැඳ සිටි දැරිය ගෙදර යවන ලකුණු

සිය සොහොයුරා විසින් මරා ගෙන මැරෙන බෝම්බකාරියක ලෙස යොදා ගනු ලැබූ බව පැවසෙන දස හැවිරිදි ඇෆ්ගනිස්තානු දැරිය නව නිවසක් ඉල්ලා සිටියදීත් පෙරළා ඇයගේ නිවසටම භාර දීමට යන බව වාර්තා වෙයි.
යළි නිවසට ගිය හොත් තවත් ප්‍රහාරයක් සඳහා තමා පොළඹවා ගැනීමට ඉඩ ඇති හෙයින් ජීවත් වීමට නව නිවහනක් ලබා දෙන මෙන් මෙම දැරිය ඇෆ්ගන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.
නමුත් යම් කොන්දේසි යටතේ දැරිය ආපසු සිය පවුලට භාරදෙන බවයි ඇෆ්ඝන් ජනාධිපති හමීඩ් කර්සායි ගේ ප්‍රකාශිකා අඩෙලා රාස්, බීබීසීයට කියා සිටියේ.
මරා ගෙන මැරෙන බෝම්බයක් බැඳ ගෙන පොලිස් මුර පොළක් අසලට පැමිණි මෙම දැරිය අත්අඩංගුවට පත් වූයේ පසුගිය සඳුදා යි.




