'ප්‍රේමය සහ වෛරය අතරින් තෝරාගන්න'

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාවේ ප්‍රධානියා ලෙසින් සිය <link type="page"><caption> මුල්ම නත්තල් දේව මෙහෙය</caption><url href="http://www.bbc.co.uk/news/world-europe-25512656" platform="highweb"/></link> පැවැත්වූහ.
වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවට රැස්වූ දහස් සංඛ්‍යාත වන්දනා කරුවන් අමතා උන්වහන්සේ කියා සිටියේ අඳුර සහ ආලෝකය අතරින් ද ප්‍රේමය සහ වෛරය අතරින් ද තෝරා ගැනීමේ වරම සෑම කිතු බැතිමතකු ම සතු බවයි.
බැසිලිකාවෙන් බැහැරට උන්වහන්සේ වැඩියේ මල් කළඹ රැගත් දරුවන් දස දෙනකු පෙරටු කොට ගෙන.
ඒ ඉතාලි, පිලිපීන, ලෙබනන, කොන්ගෝ සහ පාප් වහන්සේ උපන් ආජන්ටිනාවෙන් ළමුන් දෙදෙනා බැගින්.
යේසුස් වහන්සේගේ උත්පත්ති ස්ථානය සේ ගැනෙන බෙත්ලෙහෙමේ දෙව් මැදුරටත් මහත් පිරිසක් රැස්ව සිටි අතර වාර්තාකරුවන් පවසන්නේ ඒ වසර ගණනාවකින් නගරයට එක් වූ විශාලතම ජනකාය බවයි.




