ඊජිප්තුවේ හිටපු ජනාධිපතිට ත්‍රස්තවාදී චෝදනා

ඊජිප්තුව තුල ත්‍රස්තවාදී කටයුතුවල යෙදීම පිණිස විදේශීය සංවිධාන සමඟ කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවලට මුහුණ දීම පිණිස අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් නීතිපතිවරයා විසින් හිටපු ජනාධිපති මොහමඩ් මොර්සිට නියෝග කරන ලද බව රාජ්‍ය රූපවාහිනිය පවසයි.
මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ ඉහලම නායකයන් තිදෙනා ඇතුළු ඉස්ලාමීයවාදීන් තිහකට අධික පිරිසකට එරෙහිවද චෝදනා ගොනු කොට තිබේ.
රාජ්‍ය රහස් වෙනත් රටකට ලබා දීම, ත්‍රස්තවාදයට අනුබල දීම සහ හමුදා පුහුණු කඳවුරු පැවැත්වීම ඇතුළු ඔවුන්ට එල්ල වී තිබෙන චෝදනාවලට අදාළ ක්‍රියාකාරකම් මගින් ඊජිප්තුවේ ස්ථාවරභාවයට සහ ස්වාධීනත්වයට තර්ජන එල්ල කෙරුණු බවයි, රාජ්‍ය ජනමාධ්‍ය පවසන්නේ.




