කොදෙව් ක්‍රිකට් පිළ බංග්ලාදේශ් තරඟාවලියෙන් ඉවත් වෙයි

බංග්ලාදේශයේ පැවැත්වෙන වයස අවුරුදු දහ නවයට අඩු ක්‍රිකට් ක්‍රීඩා තරඟාවලියෙන් තම කණ්ඩායම ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින්, ඉවත් කර ගන්නා බව බටහිර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම චිතගොං නගරයේ රැඳී සිටින හෝටලය අසල පසුගිය සෙනසුරාදා බෝම්බ පිපිරීමක් වාර්තා වුණි.
බටහිර ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සිය ක්‍රීඩකයන් තරඟාවලියෙන් ඉවත් කර ගැනීමේ තීන්දුව ගෙන තිබෙන්නේ, එම බෝම්බ පිපිරීමෙන් අනතුරුවයි.
මහ මැතිවරණය
බංග්ලාදේශයේ මී ළඟ මහ මැතිවරණය ලබන ජනවාරි මස පස් වෙනිදා පැවැත්වීමට නියමිතයි.
එම මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ රට පුරා ප්‍රචණ්ඩ විරෝධතා රැල්ලක් පැතිර යමින් පවතී.
එම ප්‍රචණ්ඩ ගැටුම්වලින් මේ වන විට හැත්තෑවකට අධික මහජන ජීවිත විනාශයක් සිදුව ඇත.




