බංග්ලාදේශ් මැතිවරණ ගැටුම් වැළැක්වීමේ උත්සාහයක්

එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන්, හදිසි සාකච්ඡා ආරම්භ කරන මෙන්, බංගලාදේශයේ ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරයි.
විශ්වසනීය සහ සියලු දේශපාලන පක්ෂ සහභාගී වෙන මහ මැතිවරණයක් සහතික කර ගැනීම සඳහා ඒකමතික භාවයක් ඇති කර ගැනීමෙහි ලා, එවැනි සංවාදයකට අවතීර්ණ වෙන ලෙසයි, මහ ලේකම්වරයා ඉල්ලා සිටින්නේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන සම්බන්ධතා භාර සහකාර ලේකම්, ඔස්කාර් ෆර්නන්දෙස් - ට්‍රාරන්කෝ(Oscar Fernandez-Traranco) ඇතුළත් ඉතා ඉහල මට්ටමේ දූත මණ්ඩලයක් විසිනුයි, මහ ලේකම්වරයාගේ පණිවුඩය බංග්ලාදේශ් දේශපාලන පක්ෂ නායකයන් වෙත භාර දෙනු ලැබ තිබෙන්නේ.
ප්‍රචණ්ඩ දේශපාලන ගැටුම්

එම දූත මණ්ඩලය ‘ඩකා’ අගනුවර කරා යවනු ලැබුණේ, එහි සති කීපයක් ම පැතිර යමින් තිබුණ ප්‍රචණ්ඩ දේශපාලන ගැටුම් වලින් අනතුරුවයි.
ඔක්තෝබර් මාසයේ පටන් පැතිර යමින් තිබුණ එම ගැටුම් වල දී හැටකට අධික ජීවිත විනාශයක් සිදු වූ බව වාර්තා විය.
බංග්ලාදේශ් මහ මැතිවරණය පැවැත්වීමට නියමිත ව තිබෙන්නේ ලබන ජනවාරි මාසයේ පස් වෙනිදායි.
එම මහ මැතිවරණයට පෙර අගමැතිනි ෂේක් හසීනා පදවියෙන් ඉවත්ව භාරකාර පාලනයක් යටතේ ඡන්ද විමසීම් පවත්වන මෙන් බල කරමින්, ප්‍රධාන විපක්‍ෂය වන බංග්ලාදේශ් ජාතික පක්‍ෂය විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනු ලැබීමත් සමඟයි,එම ගැටුම් ආරම්භ වුණේ.




