දේශපාලන නායකයා ඉවත් කිරීම උතුරු කොරියාව සනාථ කරයි

ආර්ථිකය අඩාල කිරීම, ධනවාදී ජීවන රටාවක් ගත කිරීම සහ ස්ත්‍රීධූර්තයකු වීම චෝදනා අතර වේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ආර්ථිකය අඩාල කිරීම, ධනවාදී ජීවන රටාවක් ගත කිරීම සහ ස්ත්‍රීධූර්තයකු වීම චෝදනා අතර වේ

උතුරු කොරියාවේ ඉතා බලගතුම දේශපාලන නායකයකු පදවියෙන් පහ කරන ලද බව ආණ්ඩුව නිවේදනය කිරීමෙන් අනතුරුව ඔහු රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී එයින් ඉවත් කරනු ලැබූ ආකාරය රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කෙරිණ.

පාලක කම්කරු පක්ෂයේ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී නිල ඇඳුම් වලින් සැරසුන ආරක්ෂක භටයන් විසින් උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ගේ මාමා වන ජැන්ග් සොං තායෙක් එයින් ඉවත් කරනු ලැබූ ආකාරය දැක්වෙන ඡායාරූප රාජ්‍ය රූපවාහිනිය ප්‍රදර්ශණය කළේය.

පක්ෂයට අභියෝග කිරීම සහ තමන්ගේම පාර්ශවයක් ගොඩ නැගීම හේතුවෙන් ජැන්ග් සොං තායෙක් ඔහු දැරූ සියලුම පදවිවලින් පහ කරන ලදැයි පක්ෂයේ දේශපාලන මණ්ඩලය සනාථ කළ බව රාජ්‍ය පුවත් සේවය පවසයි.

රටේ ආර්ථිකය අඩාල කිරීම, ධනවාදී ජීවන රටාවක් ගත කිරීම සහ ස්ත්‍රීධූර්තයකු වීම ඔහුට එරෙහිව එල්ල වී තිබෙන තවත් චෝදනා.