ඉන්දීය සඟරා කතුවරයාට ලිංගික අපචාර චෝදනා

ගවේශනාත්මක තොරතුරු පළ කරන ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සඟරාවක කතුවරයාට ලිංගික හිරිහැර කිරීම පිළිබඳ ව චෝදනා එල්ලවීමෙන් අනතුරුව,ඔහු තාවකාලිකව සේවයෙන් ඉවත් වී ඇත.
‘තෙහේල්කා’ සඟරාවේ කතුවර තරුන් තේජ්පාල් කියා සිටියේ, තමන් වැරදී තීරණයක් ගත් බවත්, ඉදිරියේ දී එවැනි දේ කිරීමෙන් වැලකි සිටීම සඳහා ඒ ගැන සිතා බලා වරද සමා කර ගැනීමට මාස හයක කාලයක් තාවකාලිකව රැකියාවෙන් ඉවත් වන බවයි.
තරුන් තේජ්පාල් , ගෝවේ නගරයේදී පැවැත්වූ සාදයක දී තරුණ මාධ්‍යවේදිනියකට ලිංගික අතවරයක් කර ඇති බවයි, වාර්තා වන්නේ.
කාන්නතාවන්ට සිදු කෙරෙන ලිංගික අතවර ඉන්දියාවේ බලවත් සංවාදයකට හේතු වී ඇත.




