චීනයේ ප්‍රතිසංස්කරණ. දෙවැනි දරුවාටත් අවසර

චීනය පුළුල් ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළක් ප්‍රකාශයට පත් කර තිබේ.

එක පවුලකට එක දරුවෙක් පිළිවෙත සහ ශ්‍රම කඳවුරු වැඩපිළිවෙළ මෙම නව ප්‍රතිසංස්කරණ වලට ඇතුළත් වෙයි.

එම කරුණු ඇතුළත් වෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය කියා සිටින්නේ, මරණීය දණ්ඩනය නියම කල හැකි අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් මානව හිමිකම් සහ අධිකරණ ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් ක්‍රමයෙන් වෙනත් දඬුවම් කරා යොමු වෙන බවයි.

එම වෙනස් කම් යටතේ එක් පවුලකට දෙවැනි දරුවාත් ලබා ගැනීමට අවසර ලැබෙන බවයි වාර්තා වන්නේ.