පලස්තීනය පිළිබඳව ඊශ්‍රායලයේ ජනමතවිචාරණයක්

ඊශ්‍රායල් පලස්තීන අර්බුදය විසඳීමෙහි ලා ජනමත විචාරණයක් කරා යාමට අවශ්‍ය යෝජනා කෙටුම් පතක් ඊශ්‍රායල් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.
මෙම කෙටුම් පත අනුමත කළ යුත්තේ මන්දැ’යි සිය කැබිනට් මණ්ඩලයට පැහැදිලි කළ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ සිරියාවේ සහ ඉරානයේ පවතින තත්වය නිසා ඊශ්‍රායලයට අභියෝගයක් එල්ලවී ඇති බවයි.
මෙය ඓතිහාසික තීන්දුවක් වන බැවින් ජනමතවිචාරණයෙදී සියළු පුරවැසියන් ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා වැදගත් වන බවයි ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.
හදිසි කාරණයක් සේ සලකා මෙම කෙටුම් පත සභා ගත කරන ලෙස කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටීමට නියමිතයි.
සාම සාකච්ඡා වලට යහ පදනමක් ගොඩනගා ගැනීම සඳහා පලස්තීන සිරකරුවන් සිය ගණනක් නිදහස් කිරීමට ද ඊශ්‍රායල් අගමැතිවරයාට සිය කැබිනෙට්ටුවේ අනුමැතිය ලැබී තිබේ.
ලබන අඟහරුවාදා වොෂින්ටන් නුවරදී පළමු සාකච්ඡා වටය පැවැත්වීමට නියමිතයි.




