උතුරු කොරියාවට බන් කී මූන්ගෙන් දැඩි ඉල්ලීමක්

මින් ඉදිරියට මිසයිල අත්හදා බැලීම්වලින් වැළකී සිටින ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බන් කී මූන් උතුරු කොරියාවට තරයේ කියා සිටියේය.
ඔහු මෙම ඉල්ලීම කළේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුතීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.
උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් 'කුපිත කරවන සුළු ක්‍රියාවක්' වශයෙනුයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා හඳුන්වනු ලැබුවේ.
'තම න්‍යෂ්ටික වැඩ පිළිවෙල පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව සමඟ යළි සාකච්ඡා ඇරඹීමට කාලය එළඹ ඇතැ'යි බන් කී මූන් කියා සිටියේය.
තවත් මිසයිල තුනක්
උතුරු කොරියාව විසින් සිය නැගෙනහිර වෙරළ තීරයේ සිට තවත් කෙටි දුර මිසයිල තුනක් ඊයේ අත්හදා බලන ලදී.
මේ වසර මුලදී එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කරනු ලැබුවේ උතුරු කොරියාව සිදු කළ තුන්වැනි න්‍යෂ්ටික අත්හදා බැලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්.




