සෞදි කාන්තාවක් පළමු වරට එවරස්ට් කන්ද තරණය කරයි

සෞදි අරාබි ජාතික කාන්තාවක් පළමු වරට එවරස්ට් කන්ද තරණය කරයි.
රහා මොහාරක් (Raha Moharrakර) නම් සෞදි කාන්තාව තවත් තුන් දෙනකු ද සමඟ, අද සෙනසුරාදා ලෝකයේ උසම කඳු මුදුන වන එවරස්ට් ගිරි ශිකරය මතට ලඟා වූ බවයි, ප්රකාශයට පත් කෙරුනේ.
නව වාර්තාවක් තැබීමෙන් පසුව ප්රකාශයක් කළ රහා මොහාරක් (Raha Moharrak) , තමා තැබූ පියවර මගින් සෙසු සෞදි අරාබි කතුන් ද නව ජයග්රහණ වාර්තා කිරීමෙහි ලා දිරිමත් වනු ඇතැයි බලාපොරොත්තු තබන බවයි කියා සිටියේ.
තව දුරටත් අදහස් දැක්වූ ඇය , එම වාර්තාව තැබීමෙහි ලා දෙවන්නකු ද දිරිමත්වීම අතින් බලන විට, පළමු වරට වාර්තාවක් තබනු ලැබීම, අඩු වැදගත්කමක් ගන්නා බවයි සඳහන් කළේ .
ගතානුගතිකවාදී මුස්ලිම් රටක් වන සෞදි අරාබිය, කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැඩි තහංචි සහිත සමාජයක්.
රහා මොහාරක් (Raha Moharrak) එවරස්ට් තරණය කරනු ලැබීම සම්බන්ධයෙන් ක්රියාත්මක වූ සංවිධානය ප්රකාශයක් කරමින්, නව වාර්තාව තැබීමෙහිලා , ඇය බාධක රාශියක් අභිබවනය කරන ලදැයි සඳහන් කළා.




