සුඩාන දෙරටට එරෙහිව සම්බාධක අවදානමක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙතෙක් නිරාකරණය කර නොගත් තීරණාත්මක මතභේද සමථයකට පත් කරගැනීම සඳහා සුඩානයට හා දකුණු සුඩානයට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දෙනු ලැබ ඇති අවසන් කාල සීමාව අගෝස්තු දෙවැනිදායින් අවසන් වෙයි.
ඉකුත් වසරේ දී දකුණු සුඩානය නිදහස ලබා වෙන් වීමෙන් පසුවයි එම ගැටළු මතු වුනේ.
අවසන් කාල සීමාවෙන් පසු රටවල් දෙකටම එරෙහිව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකියාව ලැබෙයි.
පසුගිය මැයි මාසයේදී සම්බාධක පනවන බවට එක්සත් ජාතීන් අනතුරු ඇඟවූ විට සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගැනීමට දෙපාර්ශවය උත්සාහයක යෙදුනත් කරුණු රාශියක් අරබයා දෙරට අතර මතබේද පවත්නා බවයි බීබීසී වාර්තාකරුවෙක් පැවසුවේ.
සුඩාන රාජ්‍ය දෙක අතර දේශසීමා බෙදා වෙන්කර ගැනීම සහ තෙල් අලෙවියෙන් සුඩානයට අහිමි වූ ආදායම වෙනුවෙන් වන්දි ගෙවීම ඒ අතර ප්‍රධානයි.




