දහසකටත් අධික ඉදිබුවන් සහ කැස්බෑවුන්, බංග්ලාදේශ් අත් අඩංගුවේ

අනවසරයෙන් ඉන්දියාවෙන් ගෙනෙනු ලැබුන, දහසකටත් අධික ඉදිබුවන් සහ කැස්බෑවුන්, බංග්ලාදේශ් දේශ සීමාරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනිණ.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනකු නතර කිරීමට ගත් උත්සාහය නොතකා පළා යද්දී, ඔවුන් ගෙන යමින් තිබුන පණ සහිත ඉදිබුවන් පිරවූ මල්ලක් වැටුන අතර, එමගිනුයි ජාවාරම හෙළිදරව් වී තිබෙන්නේ.
ඉතාම දුර්ලභ ගනයේ ඉදිබු වර්ග දෙකක් වත් අත් අඩංගුවට ගත් මල්ලේ තිබුන බව වනජීවී විශේෂඥයෝ පැවසුහ.
එම ජීවීන් , නැගෙනහිර ආසියානු රටවලට යැවීමේ ජාවාරමක් ඇත යන්න විශේෂඥයන්ගේ තක්සේරුවයි.
මෙම දුර්ලභ ගනයේ ඉදිබු සහ කැස්බෑ වර්ග ,නැගෙනහිර ආසියානු කලාපයේ රටවලදී , සුරතලට ඇති කිරීමට මෙන් ම ,ඖෂධ සඳහා ද යොදා ගනු ලැබේ.




