මොන්ගෝලියාව ඩයනසෝර් ඇටසැකිල්ල යළි ඉල්ලයි

මොන්ගෝලියාවෙන් ගොඩ ගනු ලැබ, ඇමෙරිකා එක්සත් ජනපදයේදී පසුගිය මාසයේ වෙන්දේසි කෙරුන, ඩයනසෝර් ඇටසැකිල්ලක් යළි බලධාරීන්ගේ භාරයට ගනු ලැබුණා.
එවැනි පියවරක් ගෙන තිබෙන්නේ , මොන්ගෝලියාව එය තමන්ට භාර දියයුතු යයි කියා සිටීමත් සමඟයි.
Tyrannosaurus Bataar යනුවෙන් නම් කරනු ලැබ ඇති පාද දෙකක් සහිත, මීටර් හතක් පමණ දිග, මෙම ඩයනසෝරයන් මෙයින් අවුරුදු කෝටි හතකට පමණ පෙර ගෝබි කාන්තාරය පුරා සැරිසරන්නට ඇතැයි සැලකෙනවා.
මොන්ගෝලියානු ඩයනසෝර් ඇටසැකිල්ල එක්සත් ජනපදයේදී ඩොලර් දශ ලක්ෂයකටත් අධික මිළකට වෙන්දේසි කරණ ලදී
ඊට එරෙහිව නෛතික පියවර ගනිමින් මොන්ගෝලියානු ආණ්ඩුව කියා සිටියේ,එය තම රටේ සම්පතක් කොල්ල කෑමක් වූ බවයි.
තම භූමියේ ඇති පොසීල, ජාතික සම්පත් ගණයට වැටෙන බව කියා සිටින මොන්ගෝලියාව විසින් ඒවා අපනයනය තහනම් කරනු ලැබිණ.




