2023 ඔස්කාර් සම්මාන උළෙල: RRR චිත්‍රපටයේ 'නාටු නාටු' ගීතය හොඳම ස්වතන්ත්‍ර ගීතයට හිමි සම්මානය ලබමින් ඉතිහාසගත වෙයි.

A still from the song Naatu Naatu

ඡායාරූප මූලාශ්‍රය, RRR

ඡායාරූප ශීර්ෂ වැකිය, 'නාටු නාටු' ඔස්කාර්හි හොඳම ස්වතන්ත්‍ර ගීතයට හිමි සම්මානය දිනා ගනියි.

තෙළිඟු භාෂාවෙන් (නිර්මාණය වූ) ජනප්‍රිය RRR චිත්‍රපටයේ එන 'නාටු නාටු' ගීතය ඉතිහාසයට එක්වුයේ ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දීය චිත්‍රපට ගීතය බවට පත්වෙමිනි.

මෙම අතිශය ජනප්‍රිය ගීතය ලේඩිගාගා, රිහානා වැනි ප්‍රබලයන් පරදවමින් 95 වැනි ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳ ම ස්වතන්ත්‍ර ගීතයට හිමි සම්මානය දිනා ගත්තේ ය.

එහි සිත්ඇදගන්නා තාලය සහ නර්තන නිර්මාණය ලොව පුරා රසිකයන් වසඟයට පත් කොට තිබේ.

සම්මානය භාරගනිමින් (මෙම ගීතයේ) රචක එම්.එම්. කීරවානි පැවසුවේ ගීතය "හැම ඉන්දියානුවෙක්ගේ ම ආඩම්බරය" බවය.

ඇමෙරිකානු සංගීත ශීල්පීන් යුගලයක් වන The Carpenters (විසින් ගායනා කළ) ගීතවලට සවන් දෙමින් තමා හැදී වැඩුණු බව පැවසූ ඔහු, සිය කතාවේ ඉතිරිය ඔවුන්ගේ ජනප්‍රිය ගීතයක් වන Top Of The World ගීතයේ තාලයට ගායනා කළේ ය.

RRR( චිත්‍රපටය) "මාව ලෝකයේ ඉහළට ම ගෙන ගියා" යැයි ඔහු පැවසූ විට ප්‍රේක්ෂකාගාරය වේගයෙන් සිනාසෙමින් අත්පොලසන් දුන් හ.

බොහෝ ඉන්දියානුවන් ට්විටර්හි ජයග්‍රහණය පිළිබඳ ඔවුන්ගේ සතුට ප්‍රකාශ කර තිබේ.

තෙළිඟු භාෂාව කතා කරන, දකුණු ඉන්දීය ප්‍රාන්ත දෙකක බලපෑම් සහගත දේශපාලනඥයෙක් වන එන්. චන්ද්‍රබාබු නයිදු ට්විටර් ඔස්සේ පවසා ඇත්තේ මෙම ගීතය "ඉතිහාසයේ තමන්ගේ තැන තහවුරු කරගත්තා." යනුවෙනි. "මේක ඉන්දියානු සිනමාවේ කදිම අවස්ථාවක් වගේ ම ඒක තෙළිඟු දිනුමක් නිසා තවත් විශේෂයි." ඔහු ලියා තිබුණේය.

චිත්‍රපටයේ නිල ට්විටර් ගිණුම විසින් මෙම ජයග්‍රහණය "විශ්මයජනක මොහොතක්" ලෙස නම් කළ අතර එය "ලොවපුරා සිටින විශිෂ්ට ප්‍රේක්ෂකයන්" වෙත පිරිනැමුවේ ය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

Presentational grey line

උත්සවයට පැමිණෙමින්, 'නාටු නාටු' ගීතයේ එක් ගායකයෙකු වන කාලා බයිරාවා 'ද හොලිවුඩ් රිපෝටර්' වෙත පැවසුවේ "උප්පත්තියටම මුල්බැස" ඇති නිසා ගීතය සම්මානයට පාත්‍රවීමට තරම් වටිනා එකක් වූ බවයි.

"ලෝකය පුරා ම සිටින මිනිසුන් එකට එකතුවෙලා ඔවුන්ගේ සංස්කෘතිය සහ ඔවුන්ගේ කලා නිර්මාණ විධි ඉදිරිපත් කරනවිට අනෙක් රටවල් සහ ජනතාව ඒවා අගය කිරීම ඔස්කාර්හි ඇති වඩාත් ම සුන්දර ම දෙය" බව ඔහු පැවසීය.

බයිරාවා සහ ඔහුගේ සහය ගායක රාහුල් සිප්ලිගුන්ජ් උත්සවයේ දී ගීතයේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් ද කළ හ. (එම) රිද්මයානුකූල ඉදිරිපත්කිරීමට ප්‍රේක්ෂකයින් තම අසුන් වලින් නැගිට ඔල්වරසන් දුන් හ.

'නාටු නාටු' ජනවාරියේ දී ඉතිහාසගත වූයේ එය 'ගෝල්ඩන් ගොල්බ්' හොඳම ගීතයට හිමි සම්මානය පළමුවරට ඉන්දියාවට දිනා දෙමින් ය. එම මාසයේ දී ම, 'ක්‍රිටික්ස් චොයිස්' සම්මාන උළෙලේ හොඳම ගීතයට හිමි සම්මානය ද දිනාගත්තේ ය.

තෙළිඟු බසින් "නටන්න, නටන්න" ලෙස පරිවර්තනය වන (මෙම) ජවසම්පන්න රිද්මය, පසුගිය වසරේ එක්සත් ජනපදයේ දී චිත්‍රපටය එළිදැක්වීමෙන් පසු ලෝකයේ ම උද්වේගයක් ඇති කළේ ය.

යුක්ක්‍රේනයේ දර්ශනීය මැරින්ස්කි මාලිගය ඉදිරිපිට (රූගතකර ඇති) දර්ශනයේ දී, චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් දෙදෙනා වන රාම් චරන් සහ NT රාමා රාඕ Jr මෙම ගීතයේ ජවසම්පන්න නර්තනයක් ඉදිරිපත් කරයි.

මෙම සජීව නර්තන නිර්මාණය ඉන්ටර්ග්‍රෑම් රීල්ස් සහ සමාජ මාධ්‍ය ට්‍රෙන්ඩ්ස් සදහා හේතු වී තිබේ.

Naatu Naatu Oscars

ඡායාරූප මූලාශ්‍රය, RRR Movie / Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, NT රාමා රාඕ Jr, SS රාජමෞලි සහ රාම් චරන් ඔස්කාර්හි දී.

චිත්‍රපටයේ අධ්‍යක්ෂක, එස්.එස්.රාජමෞලි 'වැනිටි ෆෙයාර්' වෙත පවසා ඇත්තේ ඔහු 'නාටු නාටු' නිර්මාණය කළේ, නර්තනය මගින් බ්‍රිතාන්‍ය නිලධාරියෙක් දණගස්වනා නිදහස් සටන්කාමීන් දෙදෙනෙකුගේ "සටන් දර්ශනයක්" ලෙස බවයි.

Rise (පිබිදීම), Roar(ඝර්ජනාව), Revolt(කැරැල්ල) (යන වචන වල) කෙටි යෙදුම වන RRR, යනු ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ව සටන් කරන විප්ලවවාදීන් දෙදෙනෙකුගේ කතාව පැවසෙන ඓතිහාසික ෆැන්ටසියකි.

විශ්මයජනක වීර ක්‍රියාදාම චිත්‍රපට ඉන්දියාවේ වැඩිම මිලක් ඇති චිත්‍රපටවලින් එකකි. (මෙම) ගීතය, දිනකට පැය 12ක් වැඩ කරමින් නර්තන ශිල්පීන් 150ක් හා කාර්‍යමණ්ඩලයේ 200ක් සමගින් දින 15ක් පුරා රූගතකරන ලදි.

මෙම ගීතයේ, තෙළිඟු කතා කරන ප්‍රාන්ත වල නිතරම යොදාගන්නා ජන ගී සහ ග්‍රාමීය පසුබිම් කිහිපයක රිද්මයන් ඇතුළත් ය.