ඔස්කාර් 2023: විල් ස්මිත්ගේ කම්මුල් පහරින් පසු සම්මාන උත්සවය සඳහා අර්බුද නිරාකරණ කණ්ඩායමක්
2022 වසරේ ඔස්කාර් සම්මාන රාත්‍රිය අතරතුර සුපිරි නළු විල් ස්මිත් විසින් පූරක ක්‍රිස් රොක්ට පහර දීමේ සිදුවීමට ප්‍රතිචාරයක් ලෙස එවැනි සිදුවීම් හැසිරවීමට "අර්බුද නිරාකරණ කණ්ඩායමක්" මෙම වසරේ ඔස්කාර් උළෙලේ සංවිධායකයින් විසින් හඳුන්වා දී තිබේ.
ඇකඩමි ප්‍රධාන විධායක බිල් ක්‍රේමර් ටයිම් සඟරාවට පවසා ඇත්තේ නව කණ්ඩායම “ඕනෑම දෙයකට සූදානම් කරවීමේ ” බලාපොරොත්තුවෙන් “බොහෝ පෙරහුරු අවස්ථා ක්‍රියාත්මක” කර ඇති බවයි.
විල් ස්මිත් ඇකඩමියෙන් ඉල්ලා අස් වුවද ඔහුගේ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සංවිධානයට තවත් දින කිහිපයක් ගත විය. අවසානයේදී ඔහුට ඔස්කාර් සම්මාන උළෙල සහ අනෙකුත් ඇකඩමි සම්මාන සහ අවස්ථා වෙත වසර 10ක තහනමක් පැනවිණි.

