දෙවන එලිසබෙත් රැජින: අවමංගල්‍යය උත්සවය සහ දේහය තැන්පත් කෙරෙන ආකාරය

Treated image of the Imperial State Crown

බ්‍රිතාන්‍ය ය ඉතිහාසයේ දීර්ඝතම පාලන කාලය අවසන් කරමින් රැජින අභාවප්‍රාප්ත වූවා ය.

ඒ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේදී, සිය සමීපතමයන් පිරිවරාගෙන ඉතාම සාමකාමී ලෙසට ය.

මෙම සටහන පළවන්නේ ඉදිරි දිනවලදී රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වා ඇයගේ දේහය තැන්පත් කරන තෙක් සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි දේ පිළිබඳවය.

රැජිනගේ දේහය තැන්පත් කිරීම

ඇයගේ දේහය ලන්ඩනයට ගෙන ඒමෙන් අනතුරුව අවමංගල්‍යය උත්සවයට පෙර දින හතරක පමණ කාලයකට එය වෙස්ට්මිනිස්ටර් ප්‍රධාන ශාලාවේ තැන්පත්කර තැබෙනු ඇත.

මෙම ප්‍රධාන ශාලාව, බ්‍රිතාන්‍ය රජයේ හදවත වන වෙස්ට්මිනිස්ටර් මාලිගයේ පෞරාණිකම කොටසයි.

මෙම ශාලාවේ අවසන් වරට රාජකීය අවමංගල්‍යයක් පැවතුණේ 2002 දී මව් රැජින මියගිය අවස්ථාවේ දී ය. එහිදී 200,000 කට වැඩි පිරිසක් ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියහ.

Image of the Queen Mother lying in state

රැජිනගේ දේහය, 11 වන සියවසේදී නිර්මාණය කරන ලද, ශාලාවේ මධ්‍යකාලීන දැව වහලයට යටින් 'කැටෆ්ලේක්' යනුවෙන් හැඳින්වෙන වේදිකාවක් මත රඳවනු ඇති අතර, වේදිකාවේ සෑම කොනක්ම රජ මාලිගයට සේවය කරන ඒකකවල සොල්දාදුවන් විසින් මුර කරනු ලැබේ.

ඇයව බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ශාලාව වෙත රැගෙන එනු ලබන්නේ රාජකීය පවුලේ සාමාජිකයන් ප්‍රමුඛව ඉතා සෙමෙන් ගමන් කරන හමුදා පෙරහැරකිනි.

අවමංගල්‍ය පෙරහැර වීදි හරහා ගමන් කරන විට ජනතාවට එය නැරඹීමයට ඉඩ ලැබෙන අතර, ලන්ඩනයේ රාජකීය උද්‍යානයේ ස්ථාපනය කෙරෙන විශාල තිර ඔස්සේ එය විකාශනය කිරීමේ ඉඩක් ද පවතී.

ඇයගේ දේහය එක්සත් රාජධානි ධජයෙන් ආවරණය කෙරෙනු ඇති අතර, වෙස්ට්මිනිස්ටර් ශාලාවේ එය තැන්පත් කර තැබීමේදී ඒ මත බ්‍රිතාන්‍ය කිරීටය, යෂ්ටිය සහ ඔටුනු පැළඳවීමේ මංගල්‍යයේදී භාවිත කෙරෙන කුරුසය සහිත ආභරණය තැන්පත් කෙරෙනු ඇත.

Infographic showing what will be on top of the Queen's coffin: The Royal Standard; the Imperial State Crown; the Sovereign's orb and sceptre

ප්‍රධාන ශාලාවේ තැන්පත් කිරීමෙන් පසුව කෙටි දේව මෙහෙයක් පැවැත්වෙන අතර, රැජිනට අවසන් ගෞරවය පුද කිරීම සඳහා මහජනතාවට වෙස්ට්මිනිස්ටර් ශාලාවට ඇතුළු වීමට අවස්ථාව ලැබෙන්නේ ඉන් අනතුරුව ය.

රාජකීය අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන්නේ කවදා ද?

රාජ්‍ය අවමංගල්‍යය සති දෙකකට අඩු කාලයක් තුළ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ හිදී සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, නිශ්චිත දිනය බකිංහැම් මාලිගය විසින් නිවේදනය කරනු ඇත.

1953 දී පැවති රැජිනගේ රාජාභිෂේකය ඇතුළුව බ්‍රිතාන්‍යයේ රජවරුන් සහ රැජිනියන් අභිෂේක ලැබුවේ ඓතිහාසික වෙස්මින්ස්ටර් දේවස්ථානයේදී ය. 1947 දී රැජින පිලිප් කුමරු සමඟ විවාහ වනවිට දේව මෙහෙය පැවැත්වූයේ ද මෙහි ය.

Westminster Abbey

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2002 වසරේදී වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ රැජිනගේ මවගේ අවමංගල්‍යය පැවැත්වුණු නමුත්, 18 වන සියවසෙන් පසුව එහි ඔටුනු පලන් අධිරාජ්‍යයෙකුගේ අවමංගල්‍ය උත්සවයක් පැවැත්වෙන්නේ පළමු වරට ය.

රැජිනට අවසන් ගෞරවය දැක්වීමට සහ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා රාජකීය පවුලේ සාමාජිකයන් සමඟ එක් වීමට, එක්සත් රාජධානියේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සහ හිටපු අගමැතිවරු ද ඇතුළුව ලොව පුරා සිටින රාජ්‍ය නායකයින් පැමිණෙනු ඇත.

රාජකීය නාවික හමුදාවට අයත් තුවක්කු ප්‍රවාහන කරත්තයෙන්, වෙස්ට්මිනිස්ටර් ශාලාවේ සිට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය දක්වා රැජිනගේ දේහය රැගෙන යාමෙන් අවමංගල්‍යය ආරම්භ වේ.

Route from Westminster Hall to Westminster Abbey

මෙම තුවක්කු ප්‍රවාහන කරත්තය අවසන් වරට භාවිත කර ඇත්තේ 1979 දී පැවති පිලිප් කුමරුගේ මාමා වන මවුන්ට්බැටන් සාමිවරයාගේ අවමංගල්‍ය උත්සවය සඳහා වන අතර, එය රාජකීය නාවික හමුදාවේ නාවිකයින් 142 දෙනෙකු විසින් ඇදගෙන යන ලදී.

නව රජු ඇතුළු රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ද අවමංගල්‍යය පෙරහැරේ ගමන් කරනු ඇත.

අවමංගල්‍ය මෙහෙය වෙස්ට්මිනිස්ටර් හි පීඨාධිපති ඩේවිඩ් හොයිල් විසින් මෙහෙය වීමට බොහෝ සෙයින් ඉඩ ඇති අතර, කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි විසින් ප්‍රධාන දේශනය සිදු කිරීමට ඉඩ තිබේ. අගමැති ලිස් ට්‍රස් ද එහිදී පාඨයන් කියවීමට කැඳවුම් ලැබිය හැක.

Inside Westminster Abbey

අවමංගල්‍ය දේව මෙහෙයෙන් අනතුරුව, රැජිනගේ දේහය ලන්ඩනයේ හයිඩ් පාර්ක් කෝනර් හි පිහිටි දේවස්ථානයේ සිට වෙලින්ටන් ආරුක්කුව දක්වා පා ගමනින් යන පෙරහරකින් ගෙනයනු ඇති අතර, එය අවමංගල්‍ය රථයකින් වින්ඩ්සර් වෙත ගෙන යන්නේ ඉන් අනතුරුව ය.

රැජිනගේ දේහය එදින ම පස්වරුවේ වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය වෙත ගෙන යනු ඇත.

භාර කිරීමේ දේවමෙහෙයක් සඳහා ශාන්ත ජෝර්ජ් දේවස්ථානයට දේහය රැගෙන යාමට පෙර වින්ඩ්සර් මාලිග චතුරස්‍රයේ පැවැත්වෙන අවමංගල්‍ය පෙරහැරට නව රජු සහ රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Windsor Castle

ශාන්ත ජෝර්ජ් දේවස්ථානය යනු රාජකීය පවුලේ මංගල උත්සව, බෞතිස්ම සහ අවමංගල්‍ය කටයුතු සිදු කෙරෙන දේවස්ථානයයි.

Graphic showing the interior of St George's Chapel, Windsor

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී කුමරු සහ මේගන් විවාහය මෙන් ම රැජිනගේ සැමියා වන පිලිප් කුමරුගේ අවමංගල්‍යය පැවැත්වුණේ ද එහිදී ය.

රැජිනගේ දේහය ශාන්ත ජෝර්ජ් දේවස්ථානය තුළ පිහිටා ඇති හයවන ජෝර්ජ් රජු අනුස්මරණ දේවස්ථානයේ තැන්පත් කිරීමට පෙර රාජකීය සුරක්ෂිතාගාරයට ගෙන යනු ඇත.

Banner of the Queen