පකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් බලයෙන් පහකිරීමට කටයුතු කළ විපක්ෂ එකමුතුවක නායක ෂෙහෙභාස් ෂරීෆ් තේරී පත් වෙයි

Leaders of opposition political parties from Bilawal Bhutto Zardari (L) of Pakistan People Party and Shahbaz Sharif (2-L) of Pakistan Muslim League Nawaz (PMLN) talk with journalists after the country"s top court on 07 April, set aside the government"s move to block a no-trust vote and subsequent decision to dissolve the parliament.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ෂාබාස් ෂරීෆ් (මැද) නායකත්වය දුන් විපක්ෂ සන්ධානය ඉම්රාන් ඛාන් ඉවත් කිරීමට ඡන්දය දුන්නේය

ඉරිදා අලුයම ඉම්රාන් ඛාන් විශ්වාසභංගයෙන් පරාජයකර බලයෙන් පහකිරීමෙන් අනතුරුව, පාකිස්ථාන පාර්ලිමේන්තුව අද (අප්‍රේල් 11) නව අගමැතිවරයා ලෙස ඛාන් බලයෙන් පහකිරීමට කටයුතු කළ විපක්ෂ එකමුතුවක නායක ෂෙහෙභාස් ෂරීෆ් තේරී පත්විය.

පකිස්තාන පාර්ලිමේන්තුව සඳුදා ෂෙහෙභාස් ෂරීෆ් අගමැති ලෙස තේරී පත් කළේ සතියක ව්‍යවස්ථාමය අර්බුදයේ උච්චතම අවස්ථාව වූ ඉම්රාන් ඛාන් විශ්වාසභංග ඡන්දයකින් පරාජය වීමත් සමඟය.

දින ගණනාවක් තිස්සේ ඇදුණු නාට්‍යාකාර දේශපාලන වියවුල්වලින් හා ශ්‍රේෂ්ඨාධිකරණ මැදිහත්වීමෙන් අනතුරුව හැටනව හැවිරිදි ඉම්රාන් ඛාන් විශ්වාසභංගයක් ඔස්සේ තනතුරින් පහකෙරුණි.

මීට පෙර අවස්ථාවක දී ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ගත් තැත ව්‍යාර්ථ කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවාහැර හදිසි මැතිවරණයක් කැඳවීමට ඔහු උත්සාහ දැරුවේ ය.

කෙසේ නමුත්, ඔහුගේ ක්‍රියාපිළිවෙත ව්‍යවස්ථා-විරෝධීයැ යි පවසමින් එරට විපක්ෂය ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, විශ්වාසභංග ඡන්ද විමසීම පැවැත්වීමට නියෝග කළේ ය.

line

කවුද මේ ෂෙහෙභාස් ෂරීෆ්?

Analysis box by Secunder Kermani, Pakistan correspondent

හැත්තෑ හැවිරිදි ෂරීෆ් පාකිස්ථානයේ ඉතාම බලවත් දේශපාලන පරම්පරාවකින් පැවැත එන්නෙකි. ඔහුගේ වැඩිමහල් සොයුරු නවාස් ෂරීෆ් මින්පෙර තෙවරක් අගමැතිව සිටි අතර 2013 - 2017 සමයේ දී අවසන් වරට ධුරයේ සිටියේ ය. අගමැති ඉම්රාන් බලයට පත්වූ 2018 වසරට පෙර රාජ්‍යයේ විශාලතම පළාත වන පන්ජාබයට තෙවරක් නායකත්වය දුන් ෂරීෆ් පළපුරුදු, කාර්‍යයක්ෂම පරිපාලකයෙකු වශයෙන් නම් දරයි.

ඔහු එරට ප්‍රධාන විපක්ෂයන්ගෙන් එකක් වන පාකිස්ථානි මුස්ලිම් ලීග් නවාස් (PMLN) පක්ෂයේ නායකත්වය දරයි.

බොහෝදෙනා ෂරීෆ් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ද, සුදුසුකම් රහිතවීම සහ අදක්ෂ පාලනය සම්බන්ධයෙන් සමච්චලයට ලක්වූ ද උස්මාන් බුස්දාර්ට විරුද්ධව සැසඳූහ.

ඛාන් හා ඉන්පෙර ඔහුගේ සමීප පාක්ෂිකයා වූ පාකිස්ථාන හමුදාව අතර විරසකයක් මතුවීමේ මූලය ලෙස බොහෝ විශ්ලේෂකයින් උපුටා දක්වන එක් හේතුවක් වන්නේ මේ බුස්දාර් වෙනුවට වෙනෙකෙකු පත්කිරීමට ඉම්රාන් ඛාන් ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් ඇතිවූ කෝපය යි.

ෂෙහෙභාස් ෂරීෆ් සෑම විටම ඔහුගේ සොයුරා නවාස්ගේ සෙවනැල්ලෙන් මුවාවී සිටියේ ය. නවාස් ඔහු බලයෙන් පහකෙරුණු විට විවෘතව හමුදාව විවේචනය කළ නමුත්, "සංස්ථාපනය" හා සාමදානවීමට ෂෙහෙභාස් කැමැත්ත පෙන්වා තිබේ.

ඔහුගේ සොයුරා සේම ෂෙහෙභාස් ද දූෂණ චෝදනා ලබා ඇති අතර, ඉම්රාන් ඛාන්ගේ පාලන සමයේ දී කීප විටෙකම සිරභාරයේ පසුවී ඇත.

ඔහු එම චෝදනාවලට වරදකරුයැ යි උසාවියකින් තීන්දුකර නැති අතර, ඒවා දේශපාලන හේතූන් මත එල්ලවූ චෝදනායැ යි ඔහු ප්‍රකාශ කරයි. ෂෙහෙභාස් ෂරීෆ්ගේ පුත් හම්සා ද පියාගේ අඩිපාර ඔස්සේ ගොස් පන්ජාබයේ මීළඟ මහ ඇමැතිධුරය දිනාගැනීමට බලාපොරොත්තු වෙයි.

ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ෂරීෆ් වංශය දකින්නේ, පහත හෙළා ඉතිහාසයට එකතුකර දැමිය යුතු අන්දමේ පියාගෙන් පුතාට පාලනය පැමිණෙන "පැරණි පාකිස්තානයේ" කොටසක් ලෙස ය.

line

ෂරීෆ් ඉරිදා අගමැතිධුරයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන්නේ ය.

පාකිස්තාන ජනතා පක්ෂයේ (PPP) නායක බිලාවල් භූතෝ සර්දාරි වැනි අනෙකුත් විපක්ෂ නායකයින් ෂරීෆ් වෙත සහාය පළකරනබව දක්වා තිබුණි.

ඔහු ඉරිදා විශ්වාසභංග ඡන්දයෙන් අනතුරුව "නව උදාවක්" පිළිබඳව ඉඟිකර සිටියේ ය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

A protester wears an Imran Khan supporter shirt at a rally in Karachi on Sunday night

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ඉරිදා රාත්‍රියේ පාකිස්තානයේ නගර පුරා විශාල පෙළපාලි පැවැත්වීය

කෙසේ නමුත්, ඉම්රාන් ඛාන් ධුරයෙන් පහකිරීමෙන් පසු ඔහුගේ දේශපාලන ආධාරකරුවන් විසින් පාකිස්තානයේ ප්‍රධාන නගර කීපයක විරෝධතා දියත්වුණි. ඛාන් සිය අගමැතිධුරය අහිමිවීම පිළිබඳව තවමත් "විදේශ කුමන්ත්‍රණයන්ට" දොස් පවරමින් සිටියි.

ඇෆ්ගනිස්ථානය, රුසියාව, සහ චීනය සම්බන්ධව සිය විදේශ ප්‍රතිපත්ති ආස්ථානය නිසා තමා ධුරයෙන් පහකිරීමට තම ප්‍රතිවාදීන් එක්සත් ජනපදය සමග එක්ව ක්‍රියාකළබවට වන සාක්ෂි රහිත ප්‍රකාශයන් ඔහුගෙන් ඉදිරිපත් විය. එක්සත් ජනපද රජය මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේපකර ඇත. නමුත් හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයාගේ ප්‍රකාශයන් ඔහුගේ බොහෝ ආධාරකරුවන් විසින් දරන ලද ඇමරිකානු-විරෝධී හැඟීම් මත පෝෂණය වේ.

පාකිස්තාන ඉතිහාසයේ කිසිදා නොවූවිරූ තරම් ජනකායක් තමාට පක්ෂ උද්ඝෝෂණයන්ට සහභාගීවූයේයැ යි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළමුත්, මෙය අප විසින් ස්වාධීනව තහවුරුව නැත.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

ඉම්රාන් ධුරයෙන් පහකෙරුණේ කෙසේ ද?

පාකිස්තානයේ බලවත් හමුදාව සමග ඛාන්ගේ සබඳත බිඳවැටෙනු දුටු, ඔහුගේ ආර්ථික පරිපාලන කටයුතු පිළිබඳව මාස ගණනාවක් පුරාවට අතෘප්තිකරව සිටි විපක්ෂයට ඔහුට විරුද්ධව නැගී සිටීම සඳහා එක් අවස්ථාව්ක් ලැබුණි.

ලද අවසරයෙන්, ෂරීෆ් විපක්ෂයේ අනෙකුත් නීති සම්පාදකයින් හා එක්සත්ව ඉම්රාන් ඛාන් බලයෙන් පහකිරීමට අවැසි ඡන්ද සංඛ්‍යාව ගොඩනගා ගත්තේ ය.

අප්‍රේල් තෙවැනි දා පාර්ලිමේන්තුවේ දී ඔවුහු ඉම්රාන් ඛාන්ට සෘජුව අභියෝග කරමින් ඔහුගේ පාලනයට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළෝ ය.

නමුත් ඛාන්ගේ දේශපාලන පාක්ෂිකයෙකු වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකයා, මෙම විශ්වාසභංගය විදේශ බලයන්ගේ වුවමනාව මත ඉදිරිපත් කෙරෙන්නක්බව පවසමින් යෝජනාව අවහිර කළේ ය. අනතුරුව කඩිනමින් පාර්ලිමේන්තුව විසුරුවාහැරි ඔහුගේ රජය හදිසි මැතිවරණයක් කැඳවීය.

මින් කෝපගත් විපක්ෂය රජයේ ක්‍රියාවේ නීත්‍යානුකූලභාව අභියෝගයට ලක්කරමින් පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියේ ය. දින හතරක් පුරා මෙම චෝදනාවන් විභාගයට ලක්කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඛාන්ගේ රජය දේශයේ ව්‍යවස්ථාව කඩකරමින් අනීතිකව හැසිරී ඇතැ යි තීන්දු කළේ ය.

එසේ වුව ද, ඛාන් සහ ඔහුගේ පක්ෂය පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග ඡන්දය විමසීමට ගැනීම වැළක්වීම සඳහා නීතිසම්පාදකයින්ගේ බාධා කිරීම්, නිලධරයන්ගේ ඉල්ලා අස්වීම්, සහ අනෙකුත් බාධාකාරී උපක්‍රමයන් යොදාගෙන පැය ගණනක් පුරා උත්සාහ දැරුවේ ය.

නමුත් ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් මොහොතකට පසු ඡන්දය ප්‍රකාශ කළ පාර්ලිමේන්තුව, නීතිසම්පාදකයින් 342කගෙන් 172ක බහුතරයක් හරහා ඛාන් ධුරයෙන් පහකළේ ය.