ඉස්ලාමීය රාජ්‍ය නායක අබු ඊබ්‍රාහිම් අල් කුරේෂි සිරියාවේදී ඝාතනය කළ බව අමෙරිකාව පවසයි
එක්සත් ජනපද හමුදා ප්‍රහාරයකින් උතුරු සිරියාවේ දී ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) නායකයා මියගොස් ඇති බව එක්සත් ජනපද නිලධාරීන් පවසයි. එම ප්‍රහාරයෙන් එම ත්‍රස්තවාදී සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායකයෙකු ද ඝාතනය කර ඇත.
විශේෂ බලකායන් අබු ඊබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂිගේ සැඟවුණු ස්ථානය වට කර වෙඩි ප්‍රහාරයකින් පසු අබු ඊබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි සිදු කරගත් පිපිරීමකින් ඔහු සහ ඔහුගේ පවුලේ අය මරුමුවට පත්ව ඇත.
එළිවනතුරු කළ වැටලීම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බ්‍රහස්පතින්දා හෙළි කළේය.
කුරේෂිගේ මරණය "ලොවට විශාල ත්‍රස්තවාදී තර්ජනයක් ඉවත් කර ඇති" බව බයිඩන් පැවසීය.
ඝාතනය කරන ලද අයිඑස් නියෝජ්‍ය ප්‍රධානියාගේ අනන්‍යතාවය එක්සත් ජනපද නිලධාරීන් හෙළි නොකළ නමුත් සැලසුම් කිරීමේදී මාස ගණනාවක් ගත වූ මෙහෙයුම පිළිබඳ නාට්‍යාකාරයෙන් තොරතුරු ලබා දුන්නේය.
අයිඑස් සංවිධානය මේ වන තෙක් ප්‍රසිද්ධියේ මෙම සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් කර නැත.
කුරේෂිගේ මරණය අයිඑස් සංවිධානයට මරු පහරක් වනු ඇති නමුත් අවසානයේ ඔවුන් යළි කණ්ඩායම් ගත වනු ඇති බව එක්සත් ජනපද විශේෂඥයින් කිහිප දෙනෙකු බීබීසී සමග පැවසිය.


උතුරු ඉඩ්ලිබ් පළාතේ සහ තුර්කියේ දේශසීමාවට ආසන්න විපක්ෂයේ පාලනය යටතේ පවතින අත්මෙහේ නගරයට පිටතින් පිහිටි තෙමහල් නේවාසික ගොඩනැගිල්ලක් මෙම ප්‍රහාරයෙන් ඉලක්ක කර ඇත.
මෙම කලාපය අයිඑස් හි දරුණු ප්‍රතිවාදීන් වන ජිහාඩ් කණ්ඩායම්වල මෙන්ම සිරියානු රජයට එරෙහිව සටන් කරන තුර්කි පිටුබලය ලබන කැරලිකාර කණ්ඩායම්වල බලකොටුවකි.
කුරේෂි තම පවුලේ අය සමඟ අත්මෙහේ හි පිහිටි මෙම ගොඩනැඟිල්ලේ දෙවැනි මහලේ ජීවත්ව සිටින බවත් ඔහු එහි සිට අයිඑස් ක්‍රියාකාරකම් සිදුකිරීමට පණිවුඩ කරුවන් යොදාගෙන සිරියාවට සහ වෙනත් ප්‍රදේශවලට තම නියෝග යැවීම සිදුකර ඇති බවට බුද්ධි වාර්තා මගින් තහවුරු වී තිබුණි.
"විනාශ කරන්නා" ලෙසින් හැඳින්වෙන කුප්‍රකට සටන්කාමියෙකු වන කුරේෂි - ද ගුරේ හජ්ජි අබ්දුල්ලා, අමීර් මොහොමඩ් සයිඩ් අබ්දුල් රහ්මාන් අල්-මව්ලා සහ අබ්දුල්ලා කාර්දාෂ් යන නම්වලින් ද පෙනී සිටි අතර - ඔහුගේ පූර්වගාමියා වූ අබු බකර් අල් - බග්දාඩිගේ මරණයෙන් පසු 2019 දී අයිඑස් නායකයා බවට පත්විය.
ඔක්තෝම්බර් මාසයේදී බග්දාඩිගේ මරණයෙන් දින හතරකට පසු ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකත්වයට පත් වූ බව ප්‍රකාශ කළද, කුරේෂි එම භූමිකාව සඳහා දිගු කලක් සූදානම් කර සිට ඇති අතර යෂ්ටිය භාර ගැනීමේ අපේක්ෂාවෙන් යුද පිටියෙන් ඈත් ව ඔහුව තබා තිබූ බව විශ්වාස කෙරේ.
1976 දී ඉරාකයේ මෝසුල් හි උපත ලද ප්‍රවීණ ජිහාඩ් වාදියා පිළිබඳ තොරතුරක් ලබා දෙන්නෙකු සඳහා එක්සත් ජනපද බලධාරීන් ඩොලර් මිලියන 10 ක් (රුපියල් මිලියන 2000 ක් පමණ) ත්‍යාගයක් පිරිනමනු ලබනු බව පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, US Department of State

වැටලීම සිදු කළේ කෙසේද?
ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන්ට හානි සිදුවීමේ ඉහළ අවදානමක් ඇති අත්මේහ් හි සිටියදී, ඔහු කිසි විටෙකත් වහලය මත ස්නානය කිරීම හැර එම ගොඩනැගිල්ලෙන් පිටතට නොගිය අතර, අයිඑස් සංවිධානයට සම්බන්ධ යැයි විශ්වාස නොකළ හෝ කුරේෂි එහි සිටිනා බව නොදන්නා තවත් පවුලක් බිම් මහලේ ජීවත් විය.
විය හැකි භූමි වැටලීමක් සවිස්තරාත්මකව අධ්‍යයනය කරන ලද අතර, සිදුවිය හැකි අවස්ථා දුසිමක් පමණ භාවිතා කර භූමියේ තත්ත්වය පිළිබඳ අවදානම් තක්සේරු කිරීම් සිදු කරන ලද බව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් පැවසීය. මෙම නිවාස පරිශ්‍රයේ ආකෘති ඉදිකරන ලද අතර ඉංජිනේරුවන් විසින් ගොඩනැගිල්ල පිපිරීමක දී කඩා වැටීමේ සම්භාවිතාව ද අධ්‍යයනය කළ බවට ඔවුන් පැවසීය.
දෙසැම්බරයේ සිදු කළ හැකි මෙහෙයුමක් පිළිබඳ විස්තර ජනපති බයිඩන්ට දැනුම් දෙන ලදී.
බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ (ග්‍රිනිච් මාධ්‍යන වේලාවෙන් බදාදා 22:00 පැයට) හෙලිකොප්ටර් කිහිපයක් අමෙහ් වෙත පැමිණෙන විට ධවල මන්දිරයේ නිරීක්ෂණ මැදිරියේ සිට ජනපතිවරයා එම සිදුවීම තත්‍ය කාලීනව එය නිරීක්ෂණය කරමින් විශේෂ බලකා වැටලීම සඳහා ඔහු අඟහරුවාදා අවසන් අවසරය ලබා දුන්නේය.
ප්‍රාදේශීය ආරංචි මාර්ග පැවසුවේ එක්සත් ජනපද විශේෂ බලකායන් භූමියේදී දැඩි ප්‍රතිරෝධයකට මුහුණ දුන් බවත්, වාහනවල සවිකර තිබූ ගුවන් යානා නාශක තුවක්කුවලින් ඔවුන් වෙඩි ප්‍රහාරයට ලක් වූ බවත්ය. පැය දෙකක පමණ කාලයක් වෙඩි හඬ සහ ෂෙල් වෙඩි හඬ ඇසිණු අතර හෙලිකොප්ටර් යානා පිටත් වීමෙන් අනතුරුව එය නතර වූ බවයි.
පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවේ කුඩා දරුවන් අට දෙනෙකු ද ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු නිවසින් ඉවත් කිරීමට එක්සත් ජනපද හමුදා සමත් වූ බවයි.
වැටලීමේදී මියගිය අය අතර කුරේෂිගේ එක් නියෝජ්‍ය නායකයකු සහ ඔහුගේ බිරිඳ ද ඇතුළත් වන අතර ඔවුන් දෙදෙනාම ඇමරිකානු හමුදාවන්ට වෙඩි තැබූ බවට චෝදනා කරයි.
මීට අමතරව, ඇමරිකානු හමුදා පැය දෙකක මෙහෙයුම අතරතුර එම ප්‍රදේශයට ළඟා වූ කුඩා කණ්ඩායමකින් යුත් පුද්ගලයින් කිහිපදෙනකු සමග සටන් වැදුණු අතර ඔවුන් ඉතා "සතුරු ලෙස හැසුරුණු ලැබූ" බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගෙන් දෙදෙනෙකු මිය ගිය බවත් කිර්බි පැවසීය.
"එය සටන් ක්‍රියාකාරකම් අවසන් වීමට හේතු විය," ඔහු පැවසීය, "ළමයෙකු ද මරා දමා ඇති බවක් පෙනේ". කෙසේවෙතත්, ඝාතනයට ලක් වූ සෑම පුද්ගලයෙකු ගැනම එක්සත් ජනපදයට පරිපූර්ණ දැනුමක් නොමැති බව කර්බි පැවසීය.
වැටලීම සිදු වන විට, කුරේෂි නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ බෝම්බයක් පුපුරුවා හරිමින් ඔහුත්, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද මරා දැමීය. ජනාධිපති බයිඩන් එය විස්තර කළේ "බියගුලුකමේ අවසාන ක්‍රියාවක්" ලෙසයි.
පසුව කුරේෂිව හඳුනාගනු ලැබුවේ "ඇඟිලි සලකුණු සහ DNA විශ්ලේෂණය මගින්" බව කර්බි පැවසීය.
ඇමරිකානු හමුදාවන්ට කිසිදු හානියක් සිදු නොවීය. වැටලීමේදී එක් ඇමරිකානු හෙලිකොප්ටරයක් අක්‍රිය වීමෙන් විනාශ කිරීමට සිදුවූ බවට ඇමරිකානු හමුදාව සඳහන් කළේය.
කුරාෂිගේ පුපුරවා හැරීමේ උපක්‍රමය 2019 දී එක්සත් ජනපද හමුදා හමු වූ විට අබු බකර් අල්-බැග්දාඩි ද භාවිතා කළේය.
ඇට්මේහ් සිට කිලෝමීටර් 16ක් (සැතපුම් 10ක්) ඈතින් පිහිටි රහස්‍ය ස්ථානයකට එක්සත් ජනපද විශේෂ බලකායේ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය කබායක් පුපුරුවා හැරීමෙන් බැග්ඩාඩි සිය දිවි නසා ගත්තේය.
සිරියාවේ සිවිල් ආරක්ෂක ලෙසද හැඳින්වෙන වයිට් හෙල්මට් ගලවා ගැනීමේ සේවාව පැවසුවේ, වැටලීමට ඉලක්ක කර තිබූ නිවසේ තිබී ළමුන් හය දෙනෙකුගේ සහ කාන්තාවන් සිව් දෙනෙකුගේ සිරුරු සොයා ගත් බවයි.
මෙහෙයුමට සම්බන්ධ සියලුම ඇමරිකානුවන් ආරක්ෂිතව ආපසු පැමිණි බව බයිඩන් ජනපතිවරයා පැවසීය.


අයිඑස් තම බලයේ උච්චතම අවස්ථාවෙහිදී මෙන් ඉරාකයේ සහ සිරියාවේ විශාල ප්‍රදේශ තවදුරටත් පාලනය නොකරයි. එය පෙර මෙන් සමාජ මාධ්‍ය හරහා නව බඳවාගැනීම් කළ ජිහාඩ්වාදීන් සඳහා ජය පැරදුමකින් තොර තත්ත්වයක් ද නොවේ. 2015 පැරිස් ප්‍රහාරය වැනි බාහිර මෙහෙයුම් යුරෝපයේ දියත් කිරීමට එයට නොහැකි විය.
පසුගිය වසරේ, එහි ඇෆ්ගනිස්ථාන ශාඛාව වන අයිඑස්-කේ (IS-K), එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල් එරටින් ඉවත්ව යද්දී කාබුල්හි මාරාන්තික ප්‍රහාරය වැනි දෑ වෙත යොමු විය.
එහෙත් ඉරාකයේ සහ සිරියාවේ ප්‍රතිසංවිධානය වීමට සහ ධාරිතාව ගොඩනඟා ගැනීමට මෙම කණ්ඩායම උත්සාහ කරනු ඇතැයි ත්‍රස්ත මර්දන නිලධාරීන්ට මෑත මාසවල සැක පහළ විය. පසුගිය මාසයේ ඊසානදිග සිරියාවේ දැවැන්ත බන්ධනාගාරයක් බිඳ දැමීමට උත්සාහ කිරීම වැනි සැඟවී සිට ප්‍රහාර එල්ල කිරීම මෙන්ම නව ප්‍රචාරණ තත්ත්වයක් දක්නට ලැබුණි.
කුරෙයිෂි මරා දැමීම තුළින් ඒ සියලු යලි නැගිටීම් නවතිනු ඇතැයි වොෂිංටනය බලාපොරොත්තු වේ.

"වනචාරී ප්‍රජාවන් සහ අහිංසකයන් ඝාතනය කළාට පස්සේ හජ්ජි අබ්දුල්ලා [අයිඑස්] අනුබද්ධ ත්‍රස්තවාදී කණ්ඩායම් ලොව පුරා ව්‍යාප්ත කළා," බයිඩන් ඔහුව හැඳින්වූයේ "2014 දී වයඹදිග ඉරාකයේ යසිඩි ජනයා සමූලඝාතනය පිටුපස ගාමක බලවේගය" ලෙස ය.
"මුළු ගම්මානයන් අතුගා දැමූ සමූහ ඝාතන, දහස් ගණන් කාන්තාවන් සහ තරුණියන් වහල්භාවයට විකුණා දැමීම, ස්ත්‍රී දූෂණය යුද්ධ ආයුධයක් ලෙස භාවිතා කිරීම වගේ අප්‍රිය සහගත කථා අපිට මතකයි," ඔහු පැවසීය.
"අපේ හමුදාවේ නිර්භීතකමට ස්තුතිවන්ත වෙන්න මේ බිහිසුණු ත්‍රස්තවාදී නායකයා දැන් [මෙලොව] නැහැ."

ඡායාරූප මූලාශ්‍රය, EPA
කුරේෂිගේ මරණයෙන් අයිඑස් සංවිධානයට හානි සිදුවනු ඇති බව එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති විශේෂඥයින් බීබීසී වෙත ප්‍රකාශ කළේය.
"නායකයෙකු අහිමි වීම ඔවුන් වඩාත් ව්‍යාකූල කරයි," යනුවෙන් උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ජෝන් ඇල්ටර්මන් පැවසීය.
"අපට අවශ්‍ය වන්නේ ඔවුන් ව්‍යාකූලත්වයට පත්වීමට සහ ඔවුන් අතර සිටින ද්‍රෝහීන් සොයනවාට. එය සම්පූර්ණයෙන්ම විනාශකාරී වන අතර එය විශිෂ්ටයි."
අත්ලාන්තික් කවුන්සිලයේ ජෝමානා කඩ්ඩොවුර් පැවසුවේ: "ISIS හි ප්‍රධානියා පිටතට ගත් විට එය සැමවිටම හොඳ දෙයකි. නමුත් මෙය නිසැකවම අපි ISIS දකින අවසාන අවස්ථාව නොවනු ඇත."













