ගැබිණි ඊජිප්තු මමියක් හඳුනා ගත් බව විද්‍යාඥයෝ පවසති

ඡායාරූප මූලාශ්‍රය, Warsaw Mummy Project
දැනට දැන ගැනීමට ඇති එකම රසායන ගල්වන ලද (embalmed) ගැබිණි ඊජිප්තු මමිය සොයා ගත් බව පෝලන්ත විද්‍යාඥ කණ්ඩායමක් පවසයි.
අදාළ සොයා ගැනීම සිදු කරනු ලැබුවේ වෝසෝ (Warsaw) මමි ව්‍යාපෘතියට සම්බන්ධ පර්යේෂකයන් විසිනි. ඒ පිළිබඳ සොයා ගැනීම් 'Archaeological Science' ජර්නලයේ පළ කරනු ලැබ තිබේ.
2015 වසරේ ආරම්භ වූ ව්‍යාපෘතිය මගින් වෝසෝ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති පුරාවස්තු, තාක්ෂණික උපකරණ ආධාරයෙන් පරීක්ෂාවට ලක් කරයි.
ඉහත කී මමිය පුරුෂ පූජකයෙකුගේ යැයි මීට ඉහතදී විශ්වාස කෙරිණි. එහෙත් ස්කෑන් පරීක්ෂණවලින් අනාවරණය වූයේ එය හොඳින් වැඩුණු කළලයක් සහිත ගැබිණියකගේ සිරුරක් බවය.
එම සිරුර බොහෝ විට ඉහළ සමාජ තත්ත්වයක් හිමි කාන්තාවකගේ විය හැකි බව ව්‍යාපෘතියට සම්බන්ධ විශේෂඥයන්ගේ විශ්වාසය වී තිබේ. ඇය අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසු වූ ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේදී මිය ගිය පුද්ගලයෙකු විය හැකි බවත් විශ්වාස කෙරේ.
'අභිරහස් කත'

ඡායාරූප මූලාශ්‍රය, Warsaw Mummy Project
කළලයේ හිසෙහි වටප්‍රමාණය අනුව, දරු ගැබ සති 26ත් 30ත් අතර කාලයේ පසුව ඇතැයි ඔවුහු ඇස්තමේන්තු කරති. මවගේ මරණයට හේතුව පැහැදිලි වී නොමැත.
උදර කුහරයේ තිබී රසායන ගල්වන ලද අවයව සහිත ඔතනලද කොපු හතරක් සොයා ගෙන ඇතත් කළලය ගර්භාෂයෙන් ඉවත් කර නොමැති බව විද්‍යාඥයෝ පවසති.
කළලය ඉන් ඉවත් නොකර, එහි වෙනම රසායන ගල්වා නොමැත්තේ ඇයිදැයි යන්න අපැහැදිලි නමුත් මරණයෙන් පසු ජීවිතය පිළිබඳ පැවති අධ්‍යාත්මික විශ්වාස හෝ කළලය ඉවත් කිරීමට පැවති භෞතික දුෂ්කරතා ඊට හේතු වන්නට ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කරති.
ඉහත කී මමි ව්‍යාපෘතියේ පර්යේෂකයන් විසින් ඇය හඳුන්වනු ලැබ ඇත්තේ වෝසෝ ජාතික කෞතුකාගාරයේ අභිරහස් කත ලෙසය. ඇයගේ අනන්‍යතාව පිළිබඳ එකිනෙකට වෙනස් අදහස් පළ වීම ඊට හේතු වී තිබේ.
මේ ගැනත් කියවන්න:










