ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් හා ආර්යාවට කොරෝනාවෛරසය වැළඳෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට කොරෝනාවෛරසය වැළඳී ඇති බව ඒ පිළිබඳ කළ පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
මේ බව සඳහන් කරමින් ජනපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවිඩයෙන් කියැවුණේ ඔවුන් දෙපළ නිරෝධායනයට යොමු වී සිටින බවකි.
ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳට කොරෝනාවෛරසය වැළඳී ඇති බව දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගේ සමීප සහායකයකුට ද කොරෝනාවෛරසය වැළදී ඇති බව තහවුරුව්මෙන් අනතුරුවය.
එසේ වෛරසයට ලක්වූ 31 හැවිරිදි හෝප් හික්ස් ජනාධිපතිවරයාගේ සමීප උපදේශකවරියකි. මෙතෙක් වෛරසය වැළඳුනු බවට තහවුරු වූ ජනාධිපතිවරයාගේ පළමු සමීප සහයකයා ඇය වේ.
මෙම සතියේ ඔහායෝ ප්‍රාන්තයේ පැවති රූපවාහිනී විවාදයකට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානයේ (එයාර් ෆෝස් වන් - Air Force One) ඇය ද ඔහු සමග ගමන් ගත්තාය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
හික්ස් කොරෝනාවෛරසයට ලක්වී ඇති බව පරීක්ෂණවලදී හෙළිවීමෙන් අනතුරුව, බිරිඳ සහ තමන් නිරෝධායනයට යොමු වන බව ජනාධිපති ට්‍රම්ප් මීට පෙර පවසා තිබිණි.
බ්‍රහස්පතින්දා රාත්‍රී ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ට්‍රම්ප්, "කෙටි විවේකයක් හෝ නොගෙන ඉතා කැපවීමෙන් වැඩකළ හෝප් හික්ස් කොවිඩ්-19 ට ලක්වී ඇති බව පරීක්ෂණවලදී හෙළිවෙලා." යැයි පැවසීය.
"ජනාධිපති ආර්යාවත්, මාත් පරීක්ෂණවල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අතරේ අපේ නිරෝධායන ක්‍රියාමාර්ගයත් ආරම්භ කරනවා" යැයි ද ඔහු මීට පෙර පවසා තිබිණි.
මෙම තත්ත්වය, ඔක්තෝබර් 15 වෙනිදා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි හි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ දෙවෙනි විවාදයේ සැලසුම්වලට කෙසේ බලපානු ඇත්දැයි මෙතෙක් පැහැදිලි නැත.
මේ ගැනත් දැනගන්න:








