මීනා මංගල්‍: වෙඩි තබා ඝාතනය කළ ඇෆ්ගනිස්තාන රූපවාහිනී නිවේදිකාව

Mina Mangal

ඡායාරූප මූලාශ්‍රය, AFGHANPRESIDENTIAL INOFRMATION COORDINATION CENTER

පසුගිය සෙනසුරාදා (මැයි 13) උදෑසන ඝාතනයට ලක් වූ මීනා මංගල්‍ වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නැයි එරට දේශපාලඥයන් සහ මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීහු ඉල්ලා සිටිති.

කාබුල් නගරයට ආසන්නයේ දී වෙඩි තබා ඝාතනය කරන ලද මීනා මංගල්‍ දේශපාලනයට පිවිසීමට පෙර රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස එරට ප්‍රසිද්ධියට පත්ව සිටියාය.

පොලිස් පරීක්ෂණ දියත් වූ නමුත් මේ වනතෙක් අපරාධකරුවන් ගැන පැහැදිලි තොරතුරු ලැබී නොමැත.

ඇෆ්ගනිස්තානයේ සංස්කෘතික කටයුතු කොමිසමේ උපදේශිකාවක ලෙස කටයුතු කළ මීනා මංගල්‍ සිය රැකියාවට යන අතරතුර උදෑසන 7.20ට පමණ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඇෆ්ගනිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය, සිවිල් සංවිධාන මෙන්ම කාන්තා හිංසනයට එරෙහි කොමිසම ද මීනා මංගල් ඝාතනය සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලීම් කර තිබේ.

තමන්ට මරණ තර්ජන ඇති බවත් ජීවිතය ගැන බියෙන් පසු වන බවත් මෑතක දී මීනා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබූ බව කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියක් වන වෂ්මා ෆ්‍රෝග් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ඇයට එල්ල වූ මරණ තර්ජනවල ස්වභාවය පැහැදිලි නොමැති අතර, මෙම ඝාතනයට හේතුව පවුල් ආරාවුලක් දැයි පරීක්ෂණ පවත්වන බව ඇෆ්ගනිස්තාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබේ.

මේ තොරතුරුද කියවන්න:

ඇයගේ ඝාතනයත් සමග ඇෆ්ගනිස්තානයේ සිදු වෙමින් පවතින කාන්තා හිංසනය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවක් ගොඩ නැගී තිබේ.

"හොඳින් එළිය වැටී තිබෙන දහවල් කාලයේ දී" කාබුල් නගරයේ අධි ආරක්‍ෂිත ප්‍රදේශය තුළ කාන්තාවන්ට එරෙහිව දරුණු ගණයේ අපරාධ බොහොමයක් සිදු වූ බව සමහරු පවසති.

Mina Mangal

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කාබුල් නගරයට ආසන්නයේ දී වෙඩි තබා ඝාතනය කරන ලද මීනා මංගල්‍ දේශපාලනයට පිවිසීමට පෙර රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස සේවය කළාය

"දහවල් එළිය තිබෙන වේලාවක කාන්තාවක් මරා දමලා. එයට හේතුව, යම් පුරුෂයෙකුට හිතිලා තිබෙනවා ඇය මිය යා යුතුයි කියලා," වෂ්මා ෆ්‍රෝග් සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ තාලිබාන් පාලිත ප්‍රදේශවල ලිංගිකත්වය මත පදනම්ව සිදුවන හිරිහැර ගැන තොරතුරු එක්රැස් කිරීමට මානව අයිතීන් වෙනුවන් පෙනී සිටින කණ්ඩායම් ක්‍රියා කරමින් සිටියි.

2018 වසරේ දී මාධ්‍යවේදීන්ට අතිශය භයානකම රට ඇෆ්ගනිස්තානය ලෙස 'Reporters Without Borders' නිකුත් කළ වාර්තාවක දැක්විණි.

තවත් තොරතුරු: