ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බෝම්බ ප්‍රහාරයක්: ජනමාධ්‍යවේදීන් මරුට

කාබුල්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර බෝම්බ පිපිරීමකින් ජනමාධ්‍යවේදීන් කණ්ඩායමක් ඇතුළු 25 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් තිබේ.

මෙම ප්‍රහාරයෙන් සිය ප්‍රධාන ඡායාරූප ශිල්පී 'ෂාහ් මරී' (Shah Marai) මියගොස් ඇති බව AFP පුවත් සේවය පවසයි.

සඳුදා උදෑසන (අප්‍රේල් 30) කාබුල් නුවර 'ශෂ්දරක්' දිස්ත්‍රික්කයේ සිදුවූ පළමුවෙනි බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ මෝටර් බයිසිකලයක පැමිණි පුද්ගලයෙකු විසිනි.

එම ප්‍රහාරයත් සමග ජනමාධ්‍යවේදීන් සහ තවත් පිරිසක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති අතර, මිනිත්තු පහළොවකට පමණ පසු තවත් පිපිරුමක් සිදු වී ඇත.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

තමන් එම ප්‍රහාරය එල්ල කළ බව IS ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය පවසයි.

දෙවෙනි ප්‍රහාරය එල්ල කර ඇත්තේ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර ගෙන බව AFP පුවත් ආයතනය නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් වී තිබුණි.

"තමන් මාධ්‍යවේදියෙකු ලෙස හැඳින්වූ මරාගෙන මැරෙන බෝම්බකරු ඒ සමගම බෝම්බය පුපුරා හැරියා" යැයි පොලිස් ප්‍රකාශකවරයා උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කර තිබිණ.

ශෂ්දරක් දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි අතර ඇෆ්ගනිස්තාන ආරක්ෂක අමාත්‍යාංශය, බුද්ධි අංශය සහ නේටෝ ආයතනය සතු ගොඩනැගිල්ලක් ද තිබේ.

මෙම ද්විත්ව ප්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා සිටිති.

මේ තොරතුරුද දැනගන්න: