කාබුල් 'ඉන්ටකොන්ටිනෙන්ටල් හෝටලය ඇෆ්ඝන් හමුදා අතට

සන්නද්ධ කණ්ඩායම අල්ලා ගත් හෝටලය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සන්නද්ධ කණ්ඩායම අල්ලා ගත් හෝටලය

ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් වට කරනු ලැබ තිබුණ සුඛෝපභෝගී හෝටලය මුදාගත් බව බව ආරක්ෂක හමුදා පවසයි.

එම සන්නද්ධ කණ්ඩායම කාබුල් අගනුවර පිහිටි 'ඉන්ටර්කොන්ටිනෙන්ටල්' හෝටලය පැය දොළහක පමණ කාලයක් වටලා තිබුණි.

හෝටලය බේරා ගැනීමේ මෙහෙයුමේදී සාමාන්‍ය වැසියන් හය දෙනකු මරණයට පත් වූ බව ඇෆ්ඝන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මරණයට පත්වූවන් අතර විදේශීය කාන්තාවක් සහ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු ද වෙති.

හෝටලය මුදාගැනීමට රාත්‍රිය මුළුල්ලේ සිදු කෙරුණ සටනින් 160 ක පමණ පිරිසක් මුදා ගනු ලැබ ඇත.

අධි ආරක්ෂිත කලාපයක පිහිටි එම ස්ථානයට ආයුධ සන්නද්ධ පිරිසක් පැමිණියේ කෙසේද යන්න ඇෆ්ඝන් බලධාරීන්ට ගැටළුවක් වී ඇත.

ඉහළ මහලේ සිටි නේවාසිකයන් ඇඳ ඇතිරිලි යොදා ගනිමින් කවුළුවලින් පිටතට එන ආකාරය
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉහළ මහලේ සිටි නේවාසිකයන් ඇඳ ඇතිරිලි යොදා ගනිමින් කවුළුවලින් පිටතට එන ආකාරය

2011 වසරේදීත් මෙම හෝටලයම ඉලක්ක කරගත් 'තාලිබාන්' ගරිල්ලන් මේ සිද්ධියට ද සම්බන්ධ දැයි සැක පහළ වෙමින් ඇති අතරවාරයේ එම ව්‍යාපාරය විසින් ප්‍රහාරයේ වගකීම භාර ගනු ලැබ ඇත.

හෝටලය කැරලිකරුවන් විසින් වට කිරීමත් සමඟ එහි ඉහළ මහලේ සිටි නේවාසිකයන් ඇඳ ඇතිරිලි යොදා ගනිමින් කවුළුවලින් පිටතට එන ආකාරය දැක්වෙන දර්ශන ඇෆ්ඝන් රූපවාහිනිය ඔස්සේ ප්‍රදර්ශනය කෙරුණි.

තහවුරු නොකළ 'ටෝලෝ නිව්ස්' (Tolo News ) වාර්තාවකට අනුව පුද්ගලයන් පස් දෙනෙක් ප්‍රහාරයට සම්බන්ධ වී ඇති අතර, මියගිය පිරිස අතර විදේශිකයන් දෙදෙනෙක් වෙති.

මළසිරුරු විශාල ප්‍රමාණයක් හෝටල් ගොඩනැගිල්ල තුල වූ බවත් එම වාර්තාවෙන් පැවසෙයි.

සබැඳි පුවත්;