කොරියානු නායක දෙපළ සුවිශේෂී සාකච්ඡාවකට

උ. කොරියානු නායකයා විසින් දකුණු කොරියානු නියෝජිත පිරිස රාත්‍රී භෝජනයට පිළිගනු ලැබිණි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, උ. කොරියානු නායකයා විසින් දකුණු කොරියානු නියෝජිත පිරිස රාත්‍රී භෝජනයට පිළිගනු ලැබිණි

උතුරු හා දකුණු කොරියානු නායකයින් ලබන මාසයේදී පැවැත්වීමට නියමිත දෙරටේ සමුළුවකදී මුණගැසීමට නියමිත බව උතුරු කොරියාවේ දුර්ලභ චාරිකාවක යෙදුනු දකුණු කොරියානු නියෝජිතයෝ පැවසුහ.

ඔවුන් සඳහන් කළේ, න්‍යෂ්ටික අවි අත්හැරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග ද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සඳහන් කළ බවය.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලාපොරොත්තු නවතාලීමට මීට පෙර ද වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ නමුත් එරට සිය පොරොන්දු ඉටුකිරීමට අසමත් විය.

මෙය දශකයකට වඩා වැඩි කාලයකට පසු දෙරටේ නායකයින් අතර පැවැත්වෙන පළමු හමුව වනු ඇත.

දැඩි ආරක්ෂාවක් සහිත දෙරටේ දේශසීමාවේ පිහිටි පන්මුන්ජොම් සටන් විරාම ගම්මානයේදී නායකයින් දෙදෙනා මුණගැසීමට නියමිතය.

උතුරු කොරියානු අගනුවර වන ප්යෝන්ග්යන්ග් සිට එන ගමනේදී දකුණු කොරියානු නිලධාරීන් පැවසුවේ, සිය ආණ්ඩුවේ ආරක්ෂාව තහවුරු කළ හැකි නම් උතුරු කොරියානු න්‍යෂ්ටික අවි අත්හැරීම ගැන සාකච්ඡා කිරීමට දැන් තමා බලාපොරොත්තු වන්නේයැයි කිම් ජොන්ග් අන් පැවසු බවය.

රාජ්‍යතාන්ත්‍රිකබව ක්‍රියාත්මක වන අතරේදී මිසයිල අත්හදාබැලීම් නොකෙරෙනු ඇති බව ද ඔහු පවසා ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය පවසා තිබුනේ න්‍යෂ්ටික හරණය පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් පමණක් උතුරු කොරියාව සමග සංවාදය ඉදිරියට යනු ඇති බවය.

උතුරු - දකුණු රාජ්‍ය අතර වර්ධනය වෙමින් පවතින සබඳතා ගැන තමන් "අවධානයෙන් යුතු සුබවාදීබවක්" පළකරන නමුත් සිය න්‍යෂ්ටික අවි අත්හැරීම සඳහා සූදානම් නොවන තෙක් ප්යෝන්ග්යන්ග් පාලනය සමග නිල සාකච්ඡාවකට එළඹීම බැහැර කර තිබිණි.

ඔලිම්පික් තරගාවලිය පුරාම ඇමෙරිකාවේ අදහස වූයේ සංහිඳියාවක් පිළිබඳ උතුරු කොරියාවෙන් පළවූ ඉඟි එවැනි කැපකිරීමක් පෙන්වීමට තරම් බරපතල ඒවා නොවූ බවය. විශේෂයෙන්ම පසුගිය වසරේදී උතුරු කොරියාව ක්‍රියාත්මක කළ න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් ඊට බලපෑවේය.

සඳුදා උතුරු කොරියානු නායකයා සමග දකුණු කොරියානු නිලධාරීන් පිරිස රාත්‍රී භෝජනයකට එක්වූහ. බුද්ධි අංශ ප්‍රධානී සූහ් හූන් මෙන්ම ජාතික ආරක්ෂක උපදේශක චුන්ග් ඉයුඉ-යොන්ග් ද ඒ අතර වුහ.

මේ, කිම් ජොන්ග් අන් බලයට පැමිණි පසු ඔහුව මුණගැසුණු පළමු දකුණු කොරියානු නිලධාරීන් පිරිස වේ.

මෙම චාරිකාව පසුගිය මාසයේ නිමාව දුටු ශීත ඍතු ඔලිම්පික් උළෙල ආශ්‍රිතව ගොඩනැගුනු සංහිඳියාව පිළිබඳ පියවර මාලාවේ එක් අවස්ථාවකි.

ඔලිම්පික් තරගාවලිය පුරාම ඇමෙරිකාවේ අදහස වූයේ සංහිඳියාවක් පිළිබඳ උතුරු කොරියාවෙන් පළවූ ඉඟි එවැනි න්‍යෂ්ටික අවි අත්හැරීමට ඇති කැපවීම පෙන්වීමට තරම් ප්‍රබල නොවූ බවය.

උතුරු කොරියාවේ පැවති සාකච්ඡා පිළිබඳව වොෂිංටන් පාලනය දැනුවත් කිරීම සඳහා අදාළ නියෝජිත පිරිස මේ සතිය අගදී එහි යනු ඇත.

පුදුමසහගත පෙනීසිටීම

2011 වසරේ නායකත්වයට පැමිණි තැන සිට කිම් ජොන්ග් අන් මුණගැසුණු විදෙස් නිලධාරීන් ගණන ඉතා සුළුය. දකුණු කොරියානු ජනාධිපතිව සිටි කිම් ඩේ ජුන්ග් යටතේ එරට නියෝජිත පිරිසක් 2007 වසරේදී අවසන් වරට ඔහුව මුණ ගැසී තිබිණි.

එවැනි තත්ත්වයක් මත දකුණෙන් පැමිණි නියෝජිත පිරිසක් සිනහ මුසුව, අතට'ත දෙමින් ඔහු සමග රාත්‍රී භෝජනයකයකට එක්වීම සුවිශේෂය.

උ. කොරියානු නායකයා විසින් දකුණු කොරියානු නියෝජිත පිරිස රාත්‍රී භෝජනයට පිළිගනු ලැබිණි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දෙරටම එකම ධජයක් යටතේ පිය නැගූ ශීත ඔලිම්පික් තරගාවලියත් සමග නොසන්සුන් බව අඩුවී යාමේ තත්ත්වයෙන් ඵල නෙලාගැනීමට ඔවුන් අපේක්ෂා කරන බව පෙනෙන්නට තිබේ.

අනාගතයේ පැවැත්විය හැකි නිල සාකච්ඡාවලින් ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිට ඇති තත්ත්වය බිදී යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම නිරන්තරයෙන් ඉහළ ගිය තමන්ට එරෙහි සම්බාධක නොතකමින් ඉවතලීමට විරෝධය පෑ න්‍යෂ්ටික අවි අත්හැරීම සඳහා උතුරු කොරියාව පෙළඹවීමට ද හැකිවනු ඇති බවට බලාපොරොත්තු පලවී ඇත.

උතුරු කොරියානු KCNA ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ දකුණු කොරියානු නියෝජිත පිරිස "උණුසුම්ව පිළිගත්" කිම් මහතා ඔවුන් සමග "විවෘත හදවතකින් යුතු සාකච්ඡාවක" යෙදුනු බවය.

තවදුරටත් සාකච්ඡා සඳහා ආරාධනය කරමින් දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් එවූ ලිපියක් ද ඔහු අතට පත් කෙරිණි.

"අදහස් හුමාරු කරගත් ඔහු සතුටුදායක එකඟතාවක් පළකරමින්" අදාළ ලිපිය සම්බන්ධයෙන් ක්‍රියාකරන ලෙස නියෝග කළ බව ද KCNA පුවත් ඒජන්සිය පැවසීය.

රාත්‍රී භෝජනයට පෙර දෙරටේ නියෝජිතයින් සාකච්ඡාවක යෙදෙමින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රාත්‍රී භෝජනයට පෙර දෙරටේ නියෝජිතයින් සාකච්ඡාවක යෙදෙමින්

මේ තොරතුරුද දැනගන්න :

පැය හතරක් පුරා පැවති රාත්‍රී භෝජනයට උතුරු කොරියානු නායකයාකයාගේ බිරිඳවන රි සොල්-ජු මෙන්ම ඔලිම්පික් උළෙලට එරටින් ගිය නියෝජිත පිරිසට අයත් වූ කිම් ජොන්ග් අන් ගේ සොයුරිය ද සහභාගී වී ඇත.

කෙසේවුවද නිලධාරීන් පෙන්වාදී තිබෙන්නේ මෙම සාකච්ඡා තවමත් මුල් අදියරේ පවතින බවය