ඇමෙරිකාව කිම් ජොන් අන් සමඟ සාකච්ඡා සඳහා කිට්ටු කරයි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියාව සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කරන ලද දැඩි පිළිවෙත මෘදු භාවයකට හැරීමක් පෙන්නුම් කෙරෙයි.
දකුණු කොරියාවේ පැවැත්වෙන ඔලිම්පික් හිම ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් ආපසු යන ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්, උතුරු කොරියාවට එරෙහි සම්බාධක එලෙසම දිගටම පවත්වා ගනු ලබන නමුත් 'ප්යෝන්ග්යෑන්' පාලනයත් සමඟ සාකච්ඡා සඳහා කැමැත්ත පළ කර ඇත.
සිය උප ජනාධිපතිවරයාට අනතුරුව ප්‍රකාශයක් කරන ඇමෙරිකානු ආරක්ෂක ලේකම් රෙක්ස් ටිලර්සන් , අර්ථාන්විත සංවාදයක් අවශ්‍ය කවදාද ? යන්න තීන්දු කළ යුත්තේ උතුරු කොරියාව විසින් යයි කියා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අවංක චේතනාවකින් සාකච්ඡා සඳහා අවතීර්ණ වීම රඳා පවතින්නේ උතුරු කොරියානු බලධාරීන් අත යයි කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එසේම එවැනි සාකච්ඡාවක් සිදු වුනොත් එම සාකච්ඡා මේසයට ඉදිරිපත් වෙන කරුණු මොනවාද? යන්න උතුරු කොරියාව දන්නා බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසයි.
එසේම ඕනෑම සාකච්ඡාවක් තේරුමක් සහිත එකක් විය යුතු බව රෙක්ස් ටිලර්සන් පෙන්වා දෙයි.
එවැනි සාකච්ඡාමය පසුබිමක් නිර්මාණය වුණේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ,දකුණු කොරියාවේ ජනාධිපතිවරයාට සාකච්ඡා සඳහා 'ප්යෝන්ග්යැන්' නගරයට එන මෙන් ආරාධනා කිරීමත් සමඟයි.
කොරියානු රාජ්‍යයන් දෙක අතර අද පවතින සහයෝගීතාවය ගැන සඳහන් කරන ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් "ඔලිම්පික් ක්‍රීඩා කණ්ඩායම් පදනම් කර ගනිමින් මේවනවිට කවර ආකාරයක සම්බන්ධයක් ඔවුන් අතර තිබුණත් එමගින් උතුරු කොරියානු පාලනයේ සැබෑ ස්වරූපය වසං කළ නොහැකි " බව කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
උතුරු කොරියාව හුදෙකලා කරනු ලැබීම අවසන් විය යුත්තේ 'ප්යෝන්ග්යැන්' පලනයේ කුපිතකාරී ක්‍රියා, බැලිස්ටික් මිසයිල් ද ඇතුළුව න්‍යෂ්ටික මිසයිල් නිපදවීම සහ ඒවා සන්තකයේ තබා ගැනීම අවසන් කිරීමත් සමඟ යයි උප ජනාධිපති මයික් පෙන්ස් පවසයි.
මෙවර දකුණු කොරියාවේ පැවැත්වෙන ඔලිම්පික් හිම ක්‍රීඩාවන්හි දී කොරියානු රාජ්‍යයන් දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකම කණ්ඩායමක් ලෙස එකම ධජයක් යටතේ තරඟ වදින අතර උතුරු කොරියාවේ නිල රාජ්‍ය නායකයා වන කිම් යොන්ග් නාම් සහ එරට සැබෑ පාලකයා වන කිම් ජොන් අන් ගේ සහෝදරිය වන කිම් යෝ-ජොන්ග් එම අවස්ථාවට සහභාගී වීමට දකුණු කොරියාවට පැමිණියහ.
සබැඳි පුවත්;








