බලාගෙනයි, 'ගුවනින් අසූචි'!

The 10-12kg chunk of ice fell on Fazilpur Badli village in Gurgaon district on Saturday with a "big thud".

ඡායාරූප මූලාශ්‍රය, GURGAON POLICE

ඡායාරූප ශීර්ෂ වැකිය, කිලෝග්‍රෑම් 10-12 අතර ප්‍රමාණයක් බරැති අයිස් කුට්ටිය 'ෆෂිල්පූර් බද්ලි' නම් ගම්මානයට වැටී ඇත

උතුරු ඉන්දියාවේ 'හර්යානා' ප්‍රාන්තයේ ගමකට ඇද වැටුණ අයිස් ගුලියක් ගුවන් යානයක වැසිකිලියකින් නිකුත් වූ මිනිස් අපද්‍රව්‍ය තොගයක් විය හැකි බවට ඉන්දීය බලධාරීහු සැක කරති.

කිලෝග්‍රෑම් 10-12 අතර ප්‍රමාණයක් බරැති එම අයිස් කුට්ටිය පසුගිය සෙනසුරාදා විශාල ශබ්දයක් ඇති කරමින් හර්යානාහි 'ෆෂිල්පූර් බද්ලි' නම් ගම්මානයට වැටී ඇත.

එම ශබ්දයත් සමඟ ගම්වැසියන් කලබලයට පත් වූ බව ඉන්දීය වාර්තාවන්හි දැක්වෙයි.

ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන විවේක් කාලියා (Vivek Kalia) බීබීසියට අදහස් දක්වමින්, ඇතැම් ගම්වාසීන් එම අයිස් කුට්ටිය වෙනත් ලෝකයකින් කඩා වැටුන වස්තුවක් ලෙස සලකන ලද බවක් සඳහන් කළේය.

ගුවන් ගමන්වලදී මිනිස් අපද්‍රව්‍ය ගබඩා වීමට යානාවන්හි විශේෂ ටැංකි නිමවා ඇත. ඒවා ඉවත ලනු ලැබීම කෙරෙන්නේ ගුවන් යානා ගොඩ බෑමෙන් අනතුරුවය.

එහෙත් ඇතැම් අවස්ථාවල ගුවනේ දී එවැනි ටැංකිවලින් මිනිස් අපද්‍රව්‍ය කාන්දු විය හැකි බව ජාත්‍යන්තර ගුවන් ගමන් බලධාරීහු පිළිගනිති.

The view from above the clouds from the left side of an unidentified airplane, with the left wing visible in the foreground and white clouds separating to show the mountainous ground below
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇතැම් අවස්ථාවල ගුවනේ දී එවැනි ටැංකිවලින් මිනිස් අපද්‍රව්‍ය කාන්දු විය හැකි බව ජාත්‍යන්තර ගුවන් ගමන් බලධාරීහු පිළිගනිති

හර්යානාහි 'ෆෂිල්පූර් බද්ලි' නම් ගම්මානයට වැටුන අයිස් කුට්ටියේ කොටසක් රසායනික පිරික්සුම් සඳහා විද්‍යාඥයන් වෙත යවන ලද නමුත්, එය ගුවනේ දී අයිස් බවට පත් මිනිස් අපද්‍රව්‍ය තොගයක් විය හැකි බවට සැක කරන බව විවේක් කාලියා (Vivek Kalia) පවසයි.

"ඒක ගොඩාක් බර අයිස් කුට්ටියක්. සෙනසුරාද උදේ වැටිලා තියෙන්නේ. එය වැටෙන කොට විශාල ශබ්දයක් පැතිරිලා තියෙනවා. මොකක්ද වුණේ කියල බලන්න ගමේ මිනිස්සු දුවල ඇවිත් තිබුණා" විවේක් කාලියා වැඩිදුරටත් සඳහන් කළේය.

"සමහර ගම්වැසියෝ හිතල තියෙනවා, ඒක පිට ලෝකයකින් ආපු දෙයක්ය කියල. තවත් අය හිතුව, මෙය දිව්‍යලෝකෙන් ආපු පූජනීය වස්තුවක්ය කියල. සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන ගෙවල්වලට ගෙනිහින් තිබුණා" විවේක් කාලියා ගම්වාසීන්ගේ හැසිරීම විස්තර කළේය

"සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන රෙදිවල ඔතාගෙන ගෙදර ගෙනත් ශීතකරණවල තබාගෙන තිබුණා" ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.

එම අයිස් කුට්ටිය පරීක්ෂා කළ ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ට නිලධාරියෙක් 'එය අද්භූත ආකාශමය වස්තුවක් නොවන බව' අවධාරණයෙන් කියා සිටියේය.

ගුවනේ දී වැසිකිලි අපද්‍රව්‍ය බිම හෙළීම තහනම් කරමින්, එසේම එවැනි ක්‍රියාවන්ට එරෙහිව දඩ නියම කරන බව පවසමින් ඉන්දීය උසාවියක් පසුගිය 2016 ජනවාරි මාසයේ තීන්දුවක් දී ඇත.

උතුරන ගුවන්යානා වැසිකිළියකින් නිකුත්ව අයිස් බවට පත් මිනිස් අපද්‍රව්‍ය පොළොවට වැටීම ඉතා කලාතුරකින් සිදුවිය හැකිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරන ගුවන්යානා වැසිකිළියකින් නිකුත්ව අයිස් බවට පත් මිනිස් අපද්‍රව්‍ය පොළොවට වැටීම ඉතා කලාතුරකින් සිදුවිය හැකිය

2016 ජනවාරි මාසයේ මධ්‍යප්‍රදේශ් ප්‍රාන්තයේ නිවසක් මතට පාපන්දුවක් තරම් අයිස් කුට්ටියක් වැටීමෙන් එම නිවසේ වහලට හානි සිදු වූ අතර එහි නිවැසි කාන්තාවකගේ උරහිසට බරපතළ තුවාල සිදුවිය.

එම අයිස් කුට්ටියත් ගුවන් යානයක මිනිස් අපද්‍රව්‍ය වියහැකි බව එක් පුවත්පතක් වාර්තාකර තිබුණි.

නවීන වාණිජ ගුවන් යානා පියාසර කරන උස අනුව යානා අවට පවතින හිම මිදෙන ශීතලේ දී ඉන් බැහැරවෙන ද්‍රවයක් ඒ මොහොතේම අයිස් බවට පත්වෙයි.

උතුරන ගුවන්යානා වැසිකිළියකින් නිකුත්ව අයිස් බවට පත් මිනිස් අපද්‍රව්‍ය පොළොවට වැටීම ඉතා කලාතුරකින් සිදුවිය හැකිය. ඒවා හඳුන්වනු ලබන්නේ "Blue ice" යනුවෙනි.

එසේ හඳුන්වනු ලබන්නේ අපද්‍රව්‍ය විනාශ කොට ඒවායේ දුර්ඝන්දය අවම කිරීම සඳහා ගුවන්යානා වැසිකිළි සඳහා පාවිච්චි කරන රසායන වර්ග අනුවයි.

එක්සත් රාජධානියේ ගුවන් සීමාවට වසරකට යානා විසිපන් ලක්ෂයක් පමණ ඇතුල් වෙන අතර ඉහත කී ආකාරයේ "Blue ice" කුට්ටි පොළොවට වැටීමේ අවස්ථා විසිපහක් පමණ වසරකට වාර්තා වෙන බව බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් ගමන් අධිකාරිය පවසයි.

වෙනත් පුවත්: