වැසිකිළි අපද්‍රව්‍ය බිම හෙළන ගුවන් යානාවලට දඩ

ගුවන් යානා ගොඩබෑමෙන් අනතුරුව ඒ තුළ ඇති මිනිස් අපද්‍රව්‍ය ගුවන්තොටුපලේ ඇති වෙනත් ටැංකියකට බැහැර කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන් යානා ගොඩබෑමෙන් අනතුරුව ඒ තුළ ඇති මිනිස් අපද්‍රව්‍ය ගුවන්තොටුපලේ ඇති වෙනත් ටැංකියකට බැහැර කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වේ

මිනිස් අසුචි ගුවනේදී පිටතට මුදා හරින ගුවන් යානාවලට ඉන්දීය රුපියල් පනස්දහස බැගින් දඩ නියම කිරීමට ඉන්දීය අධිකරණයක් නියෝග කරයි.

ඇතැම් ගුවන්යානා දිල්ලි නුවර ගුවන්තොටුපල අවට නිවාස සහිත ප්‍රදේශවලට ඉහලින් පියාසර කරද්දී එහි 'වැසිකිළි ටැංකියේ' එක්රැස්වී තිබෙන අසුචි පිටතට මුදා හරින බවට චෝදනා කරමින් ඉදිරිපත්වූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය දී තිබේ.

විශේෂ ටැංකි

ගුවන් යානා තුළ ඇති වැසිකිළි හරහා ලැබෙන මිනිස් අසුචි තාවකාලිකව ගබඩා කිරීම සඳහා විශේෂ ටැංකි වර්ගයක් සවි කර තිබේ.

ගුවන් යානා ගොඩබෑමෙන් අනතුරුව ඒ තුළ ඇති මිනිස් අපද්‍රව්‍ය ගුවන්තොටුපලේ ඇති වෙනත් ටැංකියකට බැහැර කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වේ.

කෙසේ නමුත් උඩු ගුවනේදී මෙම අපද්‍රව්‍ය ගුවනට කාන්දුවීම් සිදුවිය හැකි බව ජාත්‍යන්තර ගුවන් සේවා බලධාරීන් පිළිගෙන තිබේ.