ලිංගික හිංසනයට එරෙහිව හඬ නගන ආබාධිත දිරිය දියණිය

මහමග සහ පොදු ප්‍රවාහන සේවාවල දී කාන්තාවෝ ලිංගික අතවර සහ හිරිහැරයන්ට නිතර ලක් වෙති.
විරාලි මෝදි ආබාධිත තරුණියකි. ඉහත කී ආකාරයේ ලිංගික අතවරයන්ට ලක්වන ආබාධිත කාන්තාවන්ගේ ආරක්ෂාව සහ ඔවුන් සඳහාවන පහසුකම් වෙනුවෙන් ඇය හඬ නගන්නීය.
ඉන්දියාවේ දුම්රියක් වෙත ඇතුළු වීම සඳහා ඇය දුම්රිය සේවකයන්ගේ සහාය පතා ඇති අතර එහිදී ඇය ලිංගික හිංසනයට ලක්ව තිබේ.
"මුම්බායි නගරයේ දුම්රිය ස්ථානයක දී මාව හිංසනයට ලක්වුණා. අවස්ථා තුනක දී දුම්රිය සේවකයන් මාව අයුතු ලෙස ස්පර්ශ කළා"
"දුම්රියට මාව උස්සා තබන්න සේවකයන් දෙදෙනෙකුගේ සහාය ලබා ගන්න මට සිදුවුණා. ඒ වෙලාවේ එක් සේවකයෙක් මගේ පසුපසින් අල්ලලා මගේ පපුව වටේ අත දාලා පහස ලබන්න උත්සාහ කළා" යනුවෙන් ඇය තමන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම විස්තර කළාය.
ආබාධිත කාන්තාවන් සහ සිය ප්‍රජාව වෙනුවෙන් ඇති පහසුකම් ඉහළ නැංවීම සඳහා ඇය ව්‍යාපාරයක් දියත් කරන්නේ ඉන් අනතුරුවය.
"මට වටිනාකමක් නැහැ කියලා ඒ වෙලාවේ දැනුණා. ඉන්දියාවේ වෙසෙන ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් හඬක්, වටිනාකමක් නැහැ කියලා මට දැනුණා"
ක්‍රියාකාරිනියක් වන ඇය 2014 වසරේ ඉන්දියාවේ පැවති ආබාධිත රූ රැජින තරගයේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.
පොදු ප්‍රවාහන සේවාවලදී සහ මහ මගදී කාන්තාවන් මුහුණදෙන ලිංගික අතවර පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව පුරා බොහෝ රටවල බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
ඊට වැට බැඳීම සඳහා ලොව පුරා රටවල් විවිධ ක්‍රමවේද අත්හදා බලමින් සිටිති.
කාන්තාවන්ට හිරිහැර කරන පුරුෂයන් ලැජ්ජාවට පත්කරනු පිණිස බ්‍රසීලයේ දුම්රියක පසුගියදා ලිඟු ආසනයක් ද සවිකර තිබුණි.
බ්‍රිතාන්‍යයේ ද පොදු ප්‍රවාහන සේවාවලදී තරුණියන් ලිංගික අතවරවලට ලක්වීම ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව බලධාරීහු පවසති.
ඊට වැටබැදීම සඳහා ශ්‍රී ලංකාව තුළ ද විවිධ වැඩසටහන් දියත් වෙමින් පවතී.
විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපලක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඒ සම්බන්ධයෙන් පසුගියදා පළ කළ අදහස් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු විය.
පොදු මගී ප්‍රවාහන සේවා තුළ කාන්තාවන්ට එල්ල වන ලිංගික හිංසනයට එරෙහිව නැගී සිටින මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගිය මැයි මාසයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මගී ප්‍රවාහන සේවා තුළ ලිංගික හිංසනය වැළැක්වීම සඳහා "අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න" ස්ටිකරය දියත් කිරීම සිදු වූයේ ද එම සංසදයේ මුලිකත්වයෙනි.
සමාන පුවත්:













