කාන්තාවන්ට පමණක් වෙන් වූ දුම්රිය මැදිරි ලිංගික හිංසනයට විසඳුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බ්‍රිතාන්‍යයේ පොදු ප්‍රවාහන සේවාවලදී තරුණියන් ලිංගික අතවරවලට ලක්වීම ක්‍රමයෙන් ඉහල යමින් තිබෙන බව බලධාරීහු පවසති.
2102-13 වසරවලදී 650 ක්ව තිබුණු පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර 2016-17 වන විට 1448 ක් දක්වා වැඩි වී තිබුණු බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසියේ (British Transport Police) සංඛ්‍යාලේඛනවල දැක්වේ.
සාදයක් අවසානයේ යළි සිය නිවෙස වෙත යාම පිණිස දුම්රියට නැගුනු තරුණියකට එම දුම්රියේදී තරුණයන් දෙදෙනෙකු විසින් ලිංගික අතවර කළ අවස්ථාවක් පිළිබඳව මෑතදී බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.
මේ තත්වය යටතේ බ්‍රිතාන්‍යයේ දුම්රියවල කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරි වෙන් කළ යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරයෙක් යෝජනා කරයි.
සබැඳි යොමු:
එහෙත් ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිස් විලියම්සන් (Chris Williamson) ගේ එම යෝජනාව පිළිබඳව මන්ත්‍රීවරියන්, කාන්තා හිමිකම් සංවිධාන සහ ඔහුගේ පක්ෂයේම දේශපාලනඥයන්ගෙන් පළ වී තිබෙන්නේ ඇල්මැරුණු ප්‍රතිචාරයක් සහ අවඥාවෙන් බැහැර කිරීමකි.
පොදු ප්‍රවාහන සේවාවල සිදුවන ලිංගික අතවර අවම කිරීම සහ කාන්තාවන් වෙනුවෙන් "සුරක්ෂිත ස්ථාන" නිර්මාණය කිරීම පිණිස එවැනි ක්‍රමයක් අත්හදා බැලිය හැකි බව, ගිණි නිවීම පිළිබඳ ඡායා අමාත්‍යවරයා වන ක්‍රිස් විලියම්සන් මන්ත්‍රීවරයාගේ යෝජනාවය.
තමන් යෝජනා කරන්නේ අනිවාර්යයෙන්ම එවැන්නක් ක්‍රියාත්මක කළ යුතුය යන්න නොව එවැනි වැඩපිළිවෙලක් පිළිබඳව ද ජනතා මතය විමසිය යුතුය යන්න බව ඔහු බීබීසී යට පැවසීය.
ලිංගික අතවරවලින් කාන්තාවන් ආරක්ෂා කිරීම පිණිස ආරක්ෂක විධිවිධාන තර කළ යුතු අතරම ජනතාවගේ "හැසිරීමේ වෙනසක්" විය යුතු බව මන්ත්‍රීවරයාගේ මතයය.
එහෙත් එය "මහා විකාර අදහසක්" බව පවසමින් ලේබර් පක්ෂයේ හිටපු ප්‍රවාහන ඇමති ඇඩෝනිස් සාමිවරයා එය බැහැර කර තිබේ.
විශේෂයෙන්ම එවැනි වැඩපිළිවෙලක් තමන්ට "අපහාසයක්" ලෙසින් කාන්තාවන් සැලකීමට ඉඩ තිබෙන බව ඇඩෝනිස් සාමිවරයා බීබීසී යට පැවසීය.
"මේ යෝජනාවෙන් කියන්නේ නොමනා විදියට හැසිරෙන පුරුෂයන් ඉතාම සුළු පිරිසක් නිසා කාන්තාවන් වෙන් කරපු මැදිරිවලට ගාල් කළ යුතුයි කියන එක," ඔහු පැවසීය.
'ඇය සුරැකි ගමනකද'
ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින් ද 2015 දී එවැනි අදහසක් ඉදිරිපත් කළ නමුත් පසුව එය බැහැර කළේය.
ශ්‍රී ලංකාවේ ද කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන බව සිය සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගියදා නිවේදනය කළේය.
එහෙත් ඒ අතරින් පොලිසියේ සහය පතන්නේ අතවරයට ලක්වන කාන්තාවන්ගෙන් සියයට හතරකට ආසන්න පිරිසක් පමණක්ය යන්න දීපව්‍යාප්තව සිදු කළ සමීක්ෂණයේදී හෙළි වූ බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සඳහන් කළේය.
මේ තත්වය යටතේ 'ඇය සුරැකි ගමනකද' මැයෙන් පොදු ප්‍රවාහන සේවාවල කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර අවම කිරීමේ වැඩපිළිවෙලක් කාන්තා කටයුතු අමාත්‍යාංශය, පොලිසිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ක්‍රියාවට නගා තිබේ.
පොදු ප්‍රවාහන සේවාවලදීත්, මහා මගදීත්, වැඩපොළේදීත් තමන්ට සිදුවන ලිංගික හිරිහැර පිළිබඳව තරුණියන් පිරිසක් පසුගියදා බීබීසී සිංහල සේවයට ද අනාවරණය කළහ.
'සවුදි අරාබියෙන් උදාහරණ එපා'
කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ දුම්රිය මැදිරි කලක් බ්‍රිතාන්‍යයේ ද ක්‍රියාත්මක විය.

එය ක්‍රමයෙන් ඉවත් කළ යුතු බව 1977 දී තීරණය කෙරුණු අවස්තාව වන විට එවැනි මැදිරි 100 ක් පමණ ඉතිරිව තිබිණ.
ජපානය, බ්‍රසීලය සහ මෙක්සිකෝව වැනි රටවල් මීට ඉහතදී එම අදහස අත්හදා බලා තිබේ.
ක්‍රිස් විලියම්සන් මන්ත්‍රීවරයාගේ යෝජනාව පිළිබඳව ට්විටර් පණිවුඩයකින් ප්‍රතිචාරය පළ කරන ස්ටෙලා ක්‍රීසි (Stella Creasy) මන්ත්‍රීවරිය, සියලුම මගීන් වෙනුවෙන් දුම්රියවල සියලුම මැදිරි ආරක්ෂා සහිත වීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබුණි.
"ප්‍රශ්නය තියෙන්නේ කාන්තාව අසුන් ගන්න විදියේ නොවෙයි, ලිංගික අතවර කරන පුද්ගලයන් ගැන බව අපි පැහැදිලි පණිවුඩයක් දිය යුතුයි," යනුවෙන් ද මන්ත්‍රීවරිය පවසන්නීය.
කාන්තා අයිතිවාසිකම් පිළිබඳව "සවුදි අරාබියෙන් උදාහරණ ගන්නේ නම්" එය "බරපතල වරදක්" බව තවත් මන්ත්‍රීවරියක වන ජේස ෆිලිප්ස් (Jess Phillips) පවසා තිබුණි.












