මුගාබේගේ 'ගරු තානාපති' ධුරය අවලංගු කෙරේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේ වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිරිනමන ලද ගරු තානාපති ධුරය අහෝසි කරනු ලැබ ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එවැනි තීන්දුවක් ගනු ලැබ ඇත්තේ ජනාධිපති මුගාබේ වෙත ගරු තානාපති ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ වීමත් සමගය.
"මේ සම්බන්ධයෙන් අවධානය පළ කළ සියලු දෙනාටම මම හොඳින් ඇහුම්කන් දුන්නා" යයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අධානොම් ගෙබ්‍රියේසොස් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් සිම්බාබ්වේ පාලනය දක්වන කැපවීම ඔහු විසින් මීට ඉහතදී අගය කරනු ලැබ තිබිණි.
92 හැවිරිදි ජනාධිපති මුගාබේගේ 30 වසරක පාලන කාලය තුළ සිම්බාබ්වේ සෞඛ්‍ය සේවය පිරිහී ඇති බව විවේචකයෝ පෙන්වා දෙති
සේවක වැටුප් නොගෙවීම සහ ඖෂධ හිඟයක් පවතිද්දී ජනාධිපතිවරයා ප්‍රතිකාර සඳහා විදේශ ගත වීම විවේචකයන්ගේ විරෝධයට හේතු වී තිබේ.
කෙසේ නමුත් ලොව සෞඛ්‍ය සේවය නගා සිටවීම සඳහා සියලුම රටවල් සහ එම රටවල නායකයන් සමග තමන් තවදුරටත් දැඩිව කැපවී කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීයා වැඩිදුරටත් සඳහන් කරයි.
ටෙඩ්රොස් අධානොම් ගෙබ්‍රියේසොස් පසුගිය මැයි මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වශයෙන් පත් වූයේ "විය නොහැක්කක් විය හැක්කක් බවට පත් කළ හැකි බව ඔප්පු කරමු" යන පාඨය ඉදිරිපත් කරමිනි.
කෙසේ නමුත් ජනාධිපති මුගාබේ වෙත 'ගරු කටයුතු තානාපති ධුරයක්' ලබා දීමට ගත් තීන්දුව විශාල වශයෙන් හෙළා දැකීමට ලක් විය.
බ්‍රිතාන්‍ය ආණ්ඩුව, කැනඩාවේ අගමැතිවරයා, සිම්බාබ්වේ නීතිවේදීන්, සමාජ ජාල භාවිත කරන්නන් සහ සෞඛ්‍ය සුබසාධන ආයතන ගණනාවක් එම තීන්දුව විවේචනයට ලක් කළ අය අතර වූහ.
සබැඳි යොමු:








